Solo Town මගේ පළමු සිනමා නිර්මාණයයි – මිෂෙල් දිල්හාරා
මිචෙල් දිල්හාරා, ලංකාවේ බොහෝ දෙනාගේ ආදරයට පත් රංගන ශිල්පිනියකි. පුංචි තිරයේ ඇය කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වන අතර, ඇයගේ රංගන ජීවිතයේ වෙනස්ම පැති කඩකට ගෙන යාමට ඇයට අවස්ථාව උදාවී තිබේ. ඒ සිනමාවට පිවිසීම තුළිනි. ඇගේ පලමු රංගන අත්දැකීම මේ දිනවල තිරගතවන Solo Town චිත්‍රපට ඔස්සේ දැක බලා ගැනීමට අවස්ථාව උදාවී තිබේ. ඒ පිළිබදව කතාබහ කිරීමට මෙවර අප Cinema.lk තරු කතා බහට ඇය අපත් සමග මෙලෙස එක් විය.
මේ දවස් වල වැඩකටයුතු කොහොමද?
මේ දවස් වල මම රස රහසක් ටෙලිඩ්‍රාමා එකෙ shooting කරගෙන යනවා ඒ වගේම Solo Town චිත්‍රපටිය release උනාට පස්සෙ ඒ සම්බන්ද programs වලටයි සහබාගී වෙනවා.
ඔයා සම්බන්ද වුණු Solo Town චිත්‍රපටිය ගැන ඔයා හිතන්නෙ මොනවද?
ඒ film එකම ටිකක් වෙනස් film එකක්.Boy Band එකක් Base කරගෙන කරපු film එකක් වෙනම ම Theme එකක.හරිම උද්‍යෝගයෙන් තමා ඒකෙ shootings වලට සහබාගී උනෙ.අලුත් ම experience එකක්.
ඒ චිත්‍රපටියෙ ඔයාට ලැබුනු චරිතයෙන් පස්සෙ ඔයාට ලැබුනු ප්‍රතිචාර මොනවගේද?
ගොඩාක් හොද ප්‍රතිචාර ලැබෙනවා සහ මගේ පලමුවැනි චිත්‍රපටය කියලා කිව්වොත් නිවැරදියි ඒ වගේම ඒ චරිතය මගින් මට වෙනස් ම විදියෙ අත්දැකීමක් ප්‍රේක්ශකයන් ට ලබා දෙන්න පුලුවන් වීම ගැනත් මට ඉතාම සතුටුයි.
මීට අමතරව ඔයාගෙ project වැඩ ගැන කතා කලොත් ඒවා වල තත්වය කොහොමද?
ඒ දේවලුත් කරගෙන යනවා වගේම ගොඩක් green projects වලට මම සම්බන්ද වෙලා ඉන්නවා.ලගදි මම හන්තාන green project එකට සම්බන්ද උනා.තවත් ඒ සම්බන්ද වැඩ ගොඩක් කරගෙන යනවා.
ලබන අවුරුද්දෙ රංගන කටයුතු වලට අමතරව ඔයාගෙ වැඩ කටයුතු පිලිබද විස්තර?
ලබන අවුරුද්දෙ project ගොඩක් කරන්න හිතන් ඉන්නවා සහ පරිසරය සම්බන්ද පොතක් එලිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒ පිළිබදව Research එක මෙ දිනවල කරගෙන යනවා.
Written by Kavinu Weerakkody