ඇපල් 5s දුරකතනයෙන් රූගත කළ බෙන්ට්ලි වෙළද දැන්වීම
අධි සුඛෝපබෝගී වාහන නිපදවන සමාගමක් වු බෙන්ට්ලි සමාගම පසුගිය දවසක තමන්ගේ සුපිරි වාහන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් වෙළඳ දැන්වීමක් නිර්මාණය කර තිබුණා.සාමාන්‍යයෙන් මේ වගේ සමාගමක් වෙළද දැන්වීමක් කරන්න මිලියන ගානක් වියදම් කරනවා.හැබැයි මෙවර ඔවුන් නිර්මාණය කරලා තිබුණු දැන්වීමට නම් බොහෝම සුළු මුදලක් තමයි වැය වෙලා තියෙන්නේ.මොකද මේ වෙළද දැන්වීම නිර්මාණය කරලා තියෙන්නේ ඇපල් 5s දුරකතනයෙන් නිසා තමයි මේ වගේ අඩු පිරිවැයක් ගිහින් තියෙන්නේ.මෙ වෙළද දැන්වීම ජංගම දුරකතනයකින් රූ ගත කරලා තියෙනවා වගේම ඒ වීඩියෝව සංස්කරණයට අයි පෑඩ් එයාර් යන ටැබ්ලට් උපකරණය භාවිතා කිරීම මෙහි තවත් විශේෂත්වයක්.ඒ වගේම මේ වෙළද දැන්වීම රූගත කරන්න භාවිතා කරලා තියෙනේනේ පහිතින් දැක්වෙන උපකරණ හා කාච පමණයි
Written by Cinema.lk A



