හොලිවුඩයට දෙවැනි නැති අපේ වැඩ කිඩ – VFX breakdown of MATHA
හොලිවුඩ් නිර්මාණයන් වල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඒවා බහුතරයක්ම විශේෂ දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් තනා ඇති වීමයි.ඔවුන්ගේ සිනමාපටයන් වල දෘශ්‍ය ප්‍රයෝගයන් කොපමණ සියුම් විදියට භාවිතා කරනවාද කියතොත් ඔවුන්ගේ චිත්‍රපට බැලීමේදී සැබැවටම එය මිත්‍යාවක් යැයි විශ්වාස කිරීමට පවා අතැම් වරෙක අසීරු වෙනවා.
හොබිට්,ඇවටාර්,ට්‍රාන්ස්ෆෝමර්,ඇවෙන්ජර් සහ මෑතකදී නිපදවු ලයිෆ් ඔෆ් පායි වැනි නිර්මාණ බැලීමේදී ඔවුන්ගේ දෘශ්‍ය ප්‍රයෝග කලාව මොනතරම් ඉහළ මට්ටමක පවතිනවාදැයි තිරණය කිරිමට පුළුවන් වෙනවා.ඒ තරම් දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්,සිනමා නිර්මාණ සදහා යොදා ගැනීම දැන් හොලිවුඩයට විතරක් සීමා වෙලා නෑ.
ඔවුන්ට වගේ දියුණු උපකරණ,අති දියුණු පරිඝනක,චලන ප්‍රතිග්‍රහණ යන්ත්‍ර නොමැති උනත් ආසියාතික රටක් වුන අපිත් ඔවුන් තරමට දෘශ්‍ය ප්‍රයෝග කලාව භාවිතා කිරීම දැන් දැන් සිදුකරමින් පවතිනවා.ඉතා අඩු පහසුකම් යටතේ ඔවුන් නිර්මාණය කර ඇති සමහරක් දෑ දකිද්දී ඇත්තමට පුදුමයි.අපි දන්නවා අපේ රටේ ඉන්න කොල්ලෝ,කෙල්ලෝ ස්පිල්බර්ග් ලා,ජේම්ස් කැමරන් ලා ,පීටර් ජැක්සන් ලා තරමටම දක්ෂයි කියලා.ඒ හින්දම තමයි අපි අපේ රටේ අයගේ VFX එහෙම නැත්නම් දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයක් පෙන්නන්න හදන්නේ.මේ රූප රාමු ඇතුලත් වෙන්නේ මාතා චිත්‍රපටියෙයි.ඒ චිත්‍රපටියේ හොඳ නරක කොහොම උනත් VFX වැඩ ටික නම් කියලා වැඩක් නෑ.මේක බලලා සමහරු කියාවී මේක පිටරට කාගේ හරි වැඩක් කියලා.ඊට පහලින් තියෙන වීඩියෝව බැලුවම ඒකට උත්තර ලැබේවී. අපි වගකීමෙන් කියනවා මේ නිර්මාණය සීයයට සීයක්ම ශ්‍රී ලාංකිකයි කියලා.
ඔබත් මේ වගේ වැඩ වලට දක්ෂයෙක් නම් අපිට කතා කරලා ඒ ගැන කියන්න…අපිට පුළුවන් cinema.lk එක හරහා මුළු රටටම ඔබ ගැන කියන්න.එ නිසා අපිට කතා කරන්න.මේ චිත්‍රපටය හැදුණු හැටි ඇතුළත් තවත් විඩියෝවන් අප සතුව පවතිනවා.අපි ඒවා ඉදිරියේ දී ඔයාලට ලබා දෙන්නම්.එහෙනම් දැන් මේක බලලා ඉන්න
පහතින් තියෙන්නේ හොලිවුඩ් නිර්මාණ කිහිපයක VFX breakdown ටිකක්
Written by Cinema.lk A
