Sri Lanka's Best Cinema Portal

 


විජය අද ජීවත්ව සිටියා නම්

0
Posted October 9, 2012 by Cinema.lk A in News
vije

සිංහල සිනමාවේ සදානුස්මරණීය නළු විජය කුමාරතුංගයන් ජීවත්ව සිටියා නම් අද දිනට 67 වසර සපිරෙනු ඇත.විජය උපන්නේ 1945 වසෙර්ය.සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව “මනමාලයෝ’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.

70’ දශකයේ සැහැල්ලු විනෝදකාමී පෙම්වතාගේ් ප්‍රතිරූපය හරහා වානිජමය අතින් අති සාර්ථක වූ චිත්‍රපට රාශියකට සිය රංගනයෙන් දායක වූ විජය හතර දෙනාම සූරයෝ, තුෂාරා, සංගීතා, උන්නත් දාහයි මලත් දාහයි, පෙම්බර මධූ, බඹරු ඇවිත් ආදී චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක විය.

පිට පිටම සය වරක් (මිය ගිය පසු එක්වරක්) ජනප්‍රිය නළුවා ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වූ විජය රණ තිසර, ඕ. සී. අයි. සී, විචාරක, ස්වර්ණ සංඛ සම්මානයෙන් ද පුද ලැබීය.

විජය හොඳම ගායකයා උදෙසා සහරාවේ සිහිනය, දොළොස් මහේ පහන චිත්‍රපට සඳහා සරසවිය සම්මානයට පාත්‍ර වු අතර ඔහු රගපෑ නිර්මාණ අතරින් කරුමක්කාරයෝ, මහ ගෙදර, බඹරු ඇවිත්, මරුවා සමඟ වාසේ, කැඩපතක ඡායා, අහස් ගව්ව වැනි සිනමා නිර්මාණ තුළින් ඔහුගේ ප්‍රතිභාපුර්ණ රංගන කුසලතාව මොනවට කියා පායි.

පාර දිගේ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගී ගායනයට එක් වූ විජය ගඟ අද්දර, රන්දෙණිගල සිංහයා, නොම්මර 17, අහිංසා ආදී චිත්‍රපට රැසක ගීත ගායනා කළේය.

වරදට දඬුවම්, සමාව චිත්‍රපට නිෂ්පාදනය කරමින් නිෂ්පාදකවරයකු බවට ද පත් වූ විජය 1975 දී රංගනයට අමතරව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. රසික සිත් සතන් තුළ සදා නොමැකෙන මතයන් රැසක් ඉතිරි කරමින් විජය කුමාරතුංගයන් 1988 පෙබරවාරි 16 වැනිදා සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව සදහටම දෙනෙත් පියා ගත්තේය

Share

About the Author

Cinema.lk A