දිල්ලි උළෙල හොඳම චිත්‍රපටය වු භවතරණ

Avatar Cinema.lk A | December 17, 2015 263 Views 0 Likes 0 Ratings

263 Views 0 Ratings Rate it

චිත්‍රපට 219 ක් ඉදිරිපත් කොට තිබූ 2015 දිල්ලි අන්තර් ජාතික සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් සිනමාපටය වන භවතරණ සම්මානයට පාත්‍ර විය.මෙම උළෙල සඳහා මෙරට නියෝජනය කළ එකම චිත්‍රපටය වු මෙය ඓතිහාසික කතාවක් සම්බන්ධ කොට පුද්ගල පුනරුත්පත්තියක් ඇසුරෙන් නිර්මාණය වුවකි.

කතාව, දෙබස්. තිර රචනය දේවින්ද විසින් සකසන ලද භවතරණ හි නිළි රැජන මාලිනී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, චන්දික නානායක්කාර, රොෂාන් රවීන්ද්‍ර, රොෂාන් පිලපිටිය, උදයන්ති කුලතුංග, දර්ශන් ධර්මරාජ්, කංචන කොඩිතුවක්කු, සංකේත් වික්‍රමගේ, කුමුදු නිශාන්ත, බුද්ධික ලොකුකැටිය, ශ්‍රීමාල් වෙඩිසිංහ, තිදස් වික්‍රමසිංහ, ගනේන්ද්‍ර කෝන්ගහගේ, ජගත් වික්‍රමසිංහ ඇතළු නළු නිළියෝ රැසක් චරිත මවති. සජීව් රාජපුත්‍ර සිනමාවට හඳුන්වා දෙන්නේ භවතරණ සමඟිනි.

නවරත්න ගමගේ සහ ජගත් වික්‍රමසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් ද, කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පරිපාලනයෙන් ද මෙයට එක්විය. නිශාන්ත ප්‍රදීප්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. කලා අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන් මනෝජ් වික්‍රමසිංහ, සමන් ශ්‍රී නාරායන, චින්තක විජේරත්න සහ රොෂාන් වර්ණකුලසූරිය එක්විය. සමීර හසුන්, නාරද රත්නායක, ෂර්ලි සමරසිංහ, අසංක, අසංග සහ සම්පත් සහාය අධ්‍යක්ෂවරුන්ය. නිෂ්පාදන කළමනාකරණයෙන් ගුණතිලක රණවක. ශෂික අබේවික්‍රම, බුද්ධික ලොකුකැටිය සහ සුලෝචන අකලංක දායක විය. නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි. තාක්ෂණික කටයුතු රුවන් කරුණාරත්න, චමින්ද පතිරත්න සහ බුද්ධික සේරසිංහ ගෙනි. නයනි කෝන්ගහගේ ගේ නිෂ්පාදන සම්බන්ධීකරණයකි.

භවතරණ රාජපුත්‍ර වීරසිංහ සහ ශිරාණි කැප්පෙටිපොලගේ නිෂ්පාදනයකි.

bawatharana (10) bawatharana (11) bawatharana (12) bawatharana (13) bawatharana (14) bawatharana (15) bawatharana (16) bawatharana (17) bawatharana (18) bawatharana (1) bawatharana (2) bawatharana (3) bawatharana (4) bawatharana (5) bawatharana (6) bawatharana (7) bawatharana (8) bawatharana (9)

 

Share

263 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.