යුරෝපා වෙළඳ පොලට සිංහල චිත්රපටියක්
නුවන් ජයතිලක කියන්නේ ඉන්ඩිපෙන්ඩන් ෆිල්ම් මේකර් කෙනෙක්.cinema.lk අපිට නුවන්ව හමු වන්නේ නුවන්ගේ පළමු වැඩේට ඒ කියන්නේ පළමු චිත්රපටිය පටන් ගන්න දවසේ දාපු පුංචි සාදෙදියි.ඒ කාලේ තිබුණු ඓතිහාසික රැල්ලට එරෙහිව අලුත්ම තේමාවකින් ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරලා හදන්න පටන් ගත්ත ඒ චිත්රපටය ගැන අපි එදා කතා කළා.
ඔන්න නුවන් ඒ චිත්රපටය හදලා ඉවරයි.‘සුළඟ අප රැගෙන යාවි’ ලෙස නම් කරලා තියෙන මේ චිත්රපටය යුරෝපීය ළමා චිත්රපට සංගමයේ (ECFA – European Children’s Film Association) මූලිකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම වෙළඳපළට තෝරා ගෙන තියෙනවයි කියලා අපිට ආරංචි වුනා.ඉතින්…විශාල බාධක මැද්දේ උඩුගම් බලා පීනපු මේ තරුණ නිර්මාණකරුවට සුභ පතන්නයි මේ විදියට සටහනක් තැබුවේ..
ශ්රී ලංකාවේ සිටි ප්රවීනතම සංගීතඥයෙකු වන පී එල් ඒ සෝමපාලයන් ගේ පුත් චිත්රාල් සෝමපාල සංගීතය සපයා ඇති මෙම චිත්රපටයේ කැමරාකරණය ස්ට්රයිනර් ඇඩම්ස් ගෙනි.
‘සුළඟ අප රැගෙන යාවි’ නිෂ්පාදනය කර ඇත්තේ ප්රවීණ ගත් කරු සයිමන් නවගත්තේගම ගේ දියණිය වන මායා නවගත්තේගම යි.
Written by Cinema.lk A