“වෙඩි නොවදින ළමයි” ජාත්‍යන්තර ගමන අරඹයි

Avatar Nisanka Weheraduwa | November 5, 2020 671 Views 0 Likes 5 On 1 Rating

671 Views 5 On 1 Rating Rate it

ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට අතර තවත් විශේෂ චිත්‍රපටයක් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීම ආරම්භ කරලා. මේ ඒ ගැන තොරතුරු. ඉන්දික ෆර්ඩිනැන්ඩු කියන නම අපේ රටේ සිනමා රසිකයින්ට ඉතා හොඳින් හුරු නමක්. ඒ ලංකාවේ හුඟක්ම ජනප්‍රිය වුනු “හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විදිහට. ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය තමයි මෙලෙසින් ජාත්‍යන්තර සිනමා උළෙලක තරගකාරී අංශය නියෝජනය කරන්න සුදුසුකම් ලබා තිබෙන්නේ.  චිත්‍රපටයේ නම “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children).

චීනයේ පැවැත්වෙන Golden Rooster Awards සිනමා සම්මාන උළෙලේ “විදෙස් චිත්‍රපට” කාණ්ඩයේ තරගකාරී අංශය නියෝජනය කිරීමට ඉන්දිකගේ වෙඩි නොවදින ළමයි චිත්‍රපටය තෝරාගෙන තිබෙන බව එම සිනමා උළෙල නිවේදනය කොට තිබෙනවා. නොවැම්බර් 24 වැනිදා චීනයේ Xiamenහිදී මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි.

ඉන්දික සමගින් පියල් කාරියවසම් මේ චිත්‍රපටයේ තිරරචනය සිදුකොට තිබෙනවා. දීපා එදිරිසිංහ චිත්‍රපටය නිෂ්පාදනය කළා. කලණ ගුණසේකර, අනසුයා සුභසිංහ, හේමසිරි ලියනගේ, දයාදේව එදිරිසිංග, ජයලත් මනෝරත්න, ස්ටෙෆාන් තිරිමාන්න, නිපුනි සාරධා, මහේන්ද්‍ර පෙරේරා, අනුලා බුලත්සිංහල, අශාන් ඩයස්, කසුනි කාවින්දි සේවියර් කණිෂ්ක ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා. දිමුතු කාලිංග දහනායකගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයෙන්, කසුන් මහවඩුගේගේ කලා අධ්‍යක්ෂණයෙන්, වසන්ති අල්විස්ගේ ඇඳුම් නිර්මාණයෙන් වෙඩි නොවදින ළමයි නිර්මාණය වී තිබෙනවා. තිලංක ගමගේ සහ නදීක වැලිගොඩපොල සංගීත නිර්මාණයෙන් සම්බන්ධ වූ මේ චිත්‍රපටයේ වේශ නිරූපන ශිල්පියා වුයේ බුවනෙක රණවකයි. නිෂ්පාදන කළමනාකරණය මධුරංග ජාගොඩගෙන්. ශබ්ද නිර්මාණ ශිල්පියා ලෙස සසික රුවන් මාරසිංහත් වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත් දායකත්වය ලබාදී තිබෙනවා.

 

 

Share

671 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.