අරෝෂ ප්‍රනාන්දු කොලිවුඩයට එක්වෙයි – මැලේසියානු චිත්‍රපටයක් නිෂ්පාදනයටත් සැලසුම්

Avatar Kavinu Weerakkody | March 29, 2026 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

මෙරට ජනප්‍රිය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසින් නවතම කොලිවුඩ් සිනමාපටයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටිනවා.

මෙහි ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබෙන්නේ සම්මානනීය දමිළ නලුවෙකු වන සසිකුමාර් මහලිංගම්වයි. Tourist Family, Petta, Subramaniapuram, Garudan වැනි ජනප්‍රිය දමිළ චිත්‍රපට රාශියකට එක් වූ ඔහු ෆිල්ම්ෆෙයා සහ ඉන්දීය ජාතික සම්මාන ජයග්‍රහණය කළ රංගන ශිල්පියෙක්.

මෙම කොලිවුඩ් සිනමාපටයට අමතරව ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසින් නුදුරේදීම මැලේසියානු සිනමාපටයක් නිර්මාණය කිරීමටත් නියමිතව තිබෙනවා.

මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ජීවන කතාව ඇතුලත් ‘එදා රෑ’ ඔහුගේ One Line Production & Entertainment සභාපතිත්වය දරන සමාගමේ නවතම සිනමා නිෂ්පාදනයයි.

රූපාන්තරණ – නිලංජනා – එක දවසක අපි – ගුරු ගීතය ඇතුලු සිනමාපට 17ක් මෙන්ම ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රැසකුත් ඔහු මේ වනවිට නිෂ්පාදනය කර තිබෙනවා.

Share

50 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.