කෝටි 150කට අලෙවි වුනු විජෙයිගේ Varisu
මෙම වසර මුලදී නිකුත් වුනු Beast චිත්‍රපටයෙන් පසුව Joseph Vijay Chandrasekhar හෙවත් දමිළ නළු විජෙයිගේ නවතම නිර්මාණය Varisu තිරගත වීමට සුදානම්.. රසිකයින් සිතූ තරම් ජනප්‍රියත්වයක් දිනා ගැනීමට Beast චිත්‍රපටයට නොහැකි වීම නිසා පසුගිය දිනවල විජෙයිගේ ජනප්‍රියත්වය පවා යම්තාක් දුරකට අඩුව තිබුනා.
නමුත් මේ වනවිට, Varisu සහ ඔහුගේ අනෙකුත් upcoming චිත්‍රපට වටා දැවැන්ත රසික අවධානයක් නිර්මාණය වී තිබෙනවා. දිනෙන් දින ඉහළ යන Varisu සිනමාපටයේ මූල්‍යමය වටිනාකමින් පවා මේ බව සනාථ වනවා.
Varisu චිත්‍රපටයේ non-theatrical rights වටිනාකම පසුගියදා මාධ්‍යයට අණාවරණය වී තිබුනා. චිත්‍රපටයක ඩිජිටල් – රූපවාහිනී ප්‍රදර්ශන ගාස්තු සහ එහි ගීතවල අයිතිය ආදිය මිලට ගන්නා වටිනාකම non-theatrical rights ලෙස හඳුන්වනවා. එය චිත්‍රපටයක් සිනමාශාලා තුළ ප්‍රදර්ශනය කොට ලබන ආදායමට පරිබාහිරව සිදුවන ක්‍රියාවලියක්.
වාර්තාවන අන්දමට Varisu චිත්‍රපටයේ සමස්ථ non-theatrical rights වටිනාකම ඉන්දියානු කෝටි 140කට ආසන්න මුදලකට විකිණී තිබෙනවා. එය මෙතෙක් ඉතිහාසයේ non-theatrical rights තුළින් දමිළ සිනමාපටයක් ලබාගත් ඉහළම ආදායම් කිහිපයෙන් එකක් ලෙස සැලකෙනවා.
චිත්‍රපටයේ Digital විකාශන අයිතිය ලබාගෙන තිබෙන්නේ Amazon Prime Video විසිනුයි. චිත්‍රපටය සිනමාහල්වලට නිකුත් වී දින 35-50 අතර කාලයකට පසුව එය විකාශනය කිරීමේ ඔවුනට හිමිවනවා. ඒ සඳහා ඉන්දීය කෝටි 60කට ආසන්න මිළකට ගිවිසුම් ගතවූ බවත් සඳහන් වනවා.
Varisu හි ගීත විකාශන අයිතිය හෙවත් Music Rights මිලදීගෙන තිබෙන්නේ Lahari | T Series ආයතන ද්විත්වය එකතුවෙනුයි. මෙම චිත්‍රපටය ද්වීභාෂික වන අතර මේ ගිවිසුම තුළින් එම භාෂා සියල්ලේම විකාශය අයිතිය ඔවුන්ට පැවරෙනවා. ආසන්න වශයෙන් ඉන්දීය කෝටි 10කට නොවැඩි මුදලක් මීට ඇස්තමේන්තු ගත කොට තිබෙන බව පිළිගත් මූලාශ්‍ර පවසනවා. මේ අනුව Varisu හි ගීතවලට අමතරව BGM – JukeBox සියල්ලම විකාශය කෙරෙන්නේත් ඔවුන් හරහායි.
චිත්‍රපටයේ රූපවාහිනී ප්‍රදර්ශනය වෙනුවෙන් Satellite Rights ලබා ගැනීමට සමත් වූයේ Sun TV නාලිකාවයි. ඒ සඳහා ආසන්න වශයෙන් ඉන්දියානු කෝටි 50ක මුදලක් ගෙවීමට ඔවුන් Varisu නිෂ්පාදකයින් හා ගිවිසුම්ගතව තිබෙනවා. විජෙයි අවසන් චිත්‍රපටය Beast සහ 2018දී ඔහු රඟපෑ Sarkar නැමැති චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද Sun TV නාලිකාවයි.
Vamshi Paidipally අධ්‍යක්ෂණය කරන Varisu චිත්‍රපටය, එළඹෙන 2023 වසරේ ජනවාරි මාසයේදී ලෝ පුරා තිරගත වීමට නියමිතයි. විජෙයි සමඟින් එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්නේ Rashmika Mandannaයි. මෙය විජෙයි – රශ්මිකා සුසංයෝගය රසිකයින්ට දැකගන්නට ලැබෙන පළමු අවස්ථාව වනවා. ඔවුන් දෙදෙනාට අමතරව Prakash Raj, Yogi Babu, Sarathkumar, Jayasudha, Prabhu වැනි දමිළ හා තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් ගණනාවක්ම මේ චිත්‍රපටය හරහා දැකගැනීමට හැකියි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම සිනමාපටය වෙනුවෙන් රංගන ශිල්පී Vijay අය කළ ගාස්තුව පමණක් ඉන්දියානු කෝටි 110ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 15කට අධිකයි.
ප්‍රධානම හේතුවක් වන්නේ එය නිකුත් වනතුරු දමිළ සහ තෙළිඟු ප්‍රාන්ත ද්විත්වයම නොඉවසිල්ලෙන් පසුවීමයි. තමිල්නාඩු ප්‍රාන්තයේ ජනප්‍රියම රංගන ශිල්පියා වන Vijay රංගනයෙන් දායක වීමත්, ඉන්දීය ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ, තෙළංගානා ප්‍රාන්තයේ සිනමාකරුවෙකු මෙය අධ්‍යක්ෂණය කර තිබීමත් Varisu චිත්‍රපටයේ මූල්‍යමය වටිනාකම මෙතරම් ඉහළ යෑමට හේතුවී තිබෙනවා. Varisu හි මූල්‍ය පිරිවැය Dil Raju විසින් දරන අතර ඔහුගේ Sri Venkateshwara Creations ආයතනය තෙළංගානා ප්‍රාන්තයේ තිබෙන විශාලම චිත්‍රපට නිෂ්පාදනාගාරයක්ද වනවා.
Vijay රඟපාන, තවමත් සාකච්ඡා මට්ටමේ පවතින නිර්මාණයක් පිළිබඳවත් තොරතුරු කියවෙනවා. තමිල්නාඩුවේ තවත් ජනප්‍රිය නළුවෙකු වන Jiiva සහ ඔහුගේ පියා වන RB Choudary එකතුවෙන් නිෂ්පාදනය වන නවතම සිනමාපටයක් සඳහා විජෙයි කැමැත්ත පළකොට ඇතැයි සඳහන් වනවා. RB Choudary තමිල්නාඩුවේ ප්‍රවීණ සිනමාකරුවෙකු වන අතර ඔහු විසින් නිෂ්පාදනය කරන 100වන චිත්‍රපටය සඳහා මෙලෙස විජෙයි සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා. නිෂ්පාදකයින් විසින් තිර පිටපත් කිහිපයක්ම විජෙයි වෙත ලබා දී ඇති බවත්, ඔහු එයින් එක් තිර පිටපතකට කැමත්ත දැක්වුවහොත් බොහෝදුරට එළඹෙන වසර අග භාගය වනවිට රූගත කිරීම් ඇරඹීමට හැකියාව තිබෙන බවත් එරට මාධ්‍ය පවසනවා.
ජීවා සහ විජෙයි මීට පෙර Nanban නැමැති සිනමාපටයේදී එකට රඟපෑ අතර එය සුප්‍රසිද්ධ 3 Idiots චිත්‍රපටයේ නිළ දමිළ ප්‍රතිනිර්මාණයයි. එමෙන්ම Poove Unakkaga, Love Today, Shahjahan සහ Jilla වැනි විජෙයි ප්‍රධාන චරිත රඟපෑ ජනප්‍රිය සිනමාපට නිෂ්පාදනය කළේත් RB Choudary විසිනුයි. එමනිසා, සාකච්ඡා මට්ටමේ පවතින මෙම සිනමාපටය සඳහාත් විජෙයි සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. එසේ වුවහොත් ‘Varisu’ සහ Lokesh Kanagaraj අධ්‍යක්ෂණය කරන ‘Thalapathy 67’ නිර්මාණ ද්විත්වයට පසු ඔහුගේ නවතම චිත්‍රපටය මෙය විය හැකියි.
Written by Kavinu Weerakkody