ගින්දරී 03 රට වටේ රජ ගමනක, ආදායම් වාර්තා අලුත් වෙයි
ලාංකීය සිනමා ඉතිහාසය තුළ මෑතකාලයේදී දක්නට ලැබුනු ජනප්‍රියම Horror – Comedy චිත්‍රපටය ලෙසින් සැලකෙන්නේ “බහුබූතයෝ” හාස්‍ය සිනමාපටයයි. උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය මෙරට සිනමාහල් වලට මුදා හැරියේ 2002 වසරේදීයි.
ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයින්ට විනෝදය සපයන හාස්‍ය ජවනිකා නිසාත්, පවුලේ සැමට නැරඹිය හැකි සරල family entertaining නිර්මාණයක් වූ නිසාත්, බහුබූතයෝ චිත්‍රපටය එකල අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. අන්තර්ජාලයේ සඳහන් වන ආකාරයට එය 2002 වසරේ වැඩිම ආදායම්ලාභී සිංහල සිනමාපට අතරටත් එක් වනවා.
දින 100කට අධික කාලයක් මෙරට සිනමාශාලා තුළ තිරගත වුනු “බහුබූතයෝ” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ පබෝදා සංදීපනී, රොඩ්නි වර්ණකුල සමඟින් මහේන්ද්‍ර පෙරේරායි. රොඩ්නි වර්ණකුල සහ මහේන්ද්‍ර පෙරේරා විසින් ලැන්ටි – බන්ටි නැමැති මාධ්‍යවේදීන් දෙදෙනාගේ චරිත රඟ දැක්වූ අතර පබෝදා සංදීපනී නිරූපණය කළේ ටිකිරි නැමැති යක්ෂණියගේ භූමිකාවයි.
ලැන්ටි සහ බන්ටි පසුපස හඹා එන ටිකිරි නැමැති යක්ෂණියත්, ටිකිරිගේ කටයුතු නිසා ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදු වන අකරතැබ්බි දාමයත්, බහුබූතයෝ චිත්‍රපටය හරහා රසිකයින්ට දක්නට ලැබුනා.
“බහුබූතයෝ” සිනමාපටය ලැබූ අතිශය සාර්ථකත්වය නිසාම එහි දෙවන දිගහැරුමක් නිෂ්පාදනය කරන්නට උදයකාන්ත වර්ණසූරිය තීරණය කළ අතර එහි කතාව දිගහැරුනේ පළමු චිත්‍රපටය අවසන් වූ තැන සිටයි. 2015 අප්‍රේල් මාසයේදී “බහුබූතයෝ 02: ගින්දරී” නමින් මෙරට සිනමාශාලා වලට නිකුත් වූයේ එම sequel චිත්‍රපටයයි. මුල් මාසය අවසන් වනවිට රුපියල් මිලියන 45කට අධික ආදායමක් සමඟින් පළමු චිත්‍රපටයට නොදෙවෙනි ආකර්ෂණයක් හිමි කරගන්නට එයත් සමත් වුනා.
එයින් පසුව, බහුබූතයෝ චිත්‍රපට මාලාවේ තුන්වන දිගහැරුම ලෙසින් රසිකයින්ට සමීප වන්නේ මෙම “ගින්දරී 03” සිනමා නිර්මාණයයි. පළමු චිත්‍රපට ද්විත්වය මෙන්ම මෙහි අධ්‍යක්ෂණය සහ තිර පිටපත් රචනය සිදු කර තිබෙන්නේ ද උදයකාන්ත වර්ණසූරිය විසින්මයි. මෙය ඔහුගේ 25වන සිනමා අධ්‍යක්ෂණය වීමත් විශේෂත්වයක්! චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරන්නේ උදයකාන්ත වර්ණසූරියට අයිති U Creations නැමැති නිෂ්පාදන ආයතනයයි. තස්මේනියාවේදී තිරගත කළ පළමු සිංහල සිනමාපටය ලෙස හැඳින්වෙන්නේත් “ගින්දරී 03” සිනමා නිර්මාණයයි.
මුල් නිර්මාණවලට එකතු වූ පබෝදා, මහේන්ද්‍ර සහ රොඩ්නි විසින් “ගින්දරී 03” සිනමාපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වයත් පෙර පරිදිම නිරූපණය කරන අතර මුල් ගින්දරී චිත්‍රපටය අවසන් වූ තැන සිට මෙහි සිද්ධි දාමය ආරම්භ වනවා. ඊට අමතරව පෙර බහුබූතයෝ චිත්‍රපටවල නොසිටි නව චරිත කිහිපයකුත් “ගින්දරී 03” හරහා ඔබට දැකගන්නට පුලුවන්.
ගින්දරී 03 හි චරිත පිළිබඳ හඳුන්වා දෙමින් නිෂ්පාදන කණ්ඩායම විසින් නිකුත් කළ විස්තරයයි පහතින් දක්වා තිබෙන්නේ…
“ටිකිරි” හෙවත් ගින්දරී :
මනුෂ්‍ය වේශයෙන් සිටින අමනුෂ්‍ය ගැහැණියකි. ඇය මනුෂ්‍ය ලෝකයෙහි ඇගේ සැමියා, බන්ටි සහ දරුවා වන සුපිරි සමග සතුටින් කල්ගෙවයි.
චෞද්රි :
අමනුෂ්‍ය ලොවින් පැමිණි අමනුෂ්‍ය කාන්තාවක් වන අතර ඇය අමනුෂ්‍ය රැලේ නායිකාවයි .
බන්ටි :
ටිකිරි හෙවත් ගින්දරීගේ සැමියා වන අතර ඔහු පුවත්පත් කාර්යාලයක ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කරයි.
ලැන්ටි :
බන්ටි සමග පුවත්පත් කාර්යාලයේ එකට කටයුතු කළ පැරණි මිතුරෙකි.දිනකදී අහම්බෙන් බන්ටිට ලැන්ටි මුණගැසෙන අතර ඔහු සමග යාලු සබදතා පවත්වන්නට පටන් ගනී.
සුපිරි :
ටිකිරිගේ සහ බන්ටිගේ පුතා වන අතර ඔහු සතුව අසාමාන්‍ය බලයක් ඇත.
පහත සබැඳිය තුළින් ඔබට චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය නැරඹිය හැකියි.
චූලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, සරත් කොතලාවල, සරත් නන්දසිරි, රිචඩ් මානමුදලි, ටීනා ෂනෙල්, චංචලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටෙගොඩ, ආනන්ද අතුකෝරල, කීර්ති රත්නායක, වසන්ත විට්ටච්චි සහ සුනීතා විමලවීර වැනි ජනප්‍රිය සහ දක්ෂ නලු නිළියන් ගණනාවක්ම “ගින්දරී 03” හි සහාය චරිත සඳහා එක්ව සිටිනවා.
පසුගිය දෙසැම්බර් 01 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමාපටය, මේ වනවිට අතිශය ජනප්‍රියත්වයක් ලබමින් සාර්ථකව තිරගත වනවා. සිය පළමු දිනයේදීම ලක්ෂ 08කට වැඩි ආදායමක් රැස් කරගත් එය දෙවන දිනය තුළදී පමණක් රුපියල් ලක්ෂ 13කට වැඩි ටිකට්පත් සංඛ්‍යාවක් අලෙවි කොට තිබෙනවා.
නිෂ්පාදකයින් පවසන ආකාරයට වසර 03කට පසුව සිංහල සිනමාපටයක් ආරම්භක දිනයේදී ලැබූ වැඩිම ආදායම වන්නේ මෙයයි.
“ගින්දරී 03” හි ප්‍රදර්ශනය අරඹා පළමු සතිඅන්තය අවසන් වනවිට වාර්තාගත රුපියල් ලක්ෂ 74.2ක මුදලක් රැස් කර ගැනීමට ඊට හැකිවූ අතර වසර 08කට පසුව සිංහල චිත්‍රපටයක් පළමු දින හතර තුළ සෙවූ වැඩිම ආදායම වන්නේ ද එයයි.
කෑගල්ල මිලානෝ සිනමා සංකීර්ණයේදී පමණක් මුල් දින හතර තුළදී රුපියල් 740,000ක ආදායමක් ලබා ගැනීමට ගින්දරී 03 සමත් වූවා.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කේ. ඩී. දයානන්දයි. සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත විසිනුත් සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ප්‍රවීන් ජයරත්න විසිනුත් සිදු කොට තිබෙනවා. අරුණ ඩයස් කලා අධ්යක්ෂකවරයායි. ආනන්ද පෙරේරා සංගීත අධ්යක්ෂකවරයායි. ටෙඩී විද්‍යාලංකාරගේ සටන් අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙහි ඇඳුම් නිර්මාණය ශාන්ති වර්ණසූරියගෙනි. නිලාර් එම් කාසිම්ගේ ගීත රචනාවලින් සමන්විත “ගින්දරී 03” හි ගීත ගායනා කරන්නේ සංගීත් විජේසූරිය සමඟින් එම් ඩී ධනුෂ්ක එකතුවෙනුයි. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් සම්බන්ධව සිටිනවා.
දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය තිලංක සිල්වාගෙනි.
ඔබට ගින්දරී 03 රසවිඳිය හැකි සිනමා හල්වල සම්පූර්ණ ලැයිස්තුවක් පහතින් දක්වා තිබෙන අතර විදුලි කප්පාදුව නිසා ඇතැම් දර්ශනවාර වෙනස් විය හැක.
කොළඹ දිස්ත්‍රික්කය
PVR – One Galleface
සැවෝයි ප්‍රිමියර් – වැල්ලවත්ත
සැවෝයි – රාජගිරිය
MC Ultra – කොළඹ
ස්කෝප් සිනමා – කොළඹ සිටි සෙන්ටර්
ස්කයි ලයිට් – මාළඹේ
සිටි සිනමා – මවුන්ට් ලැවීනියා
ලේඛා – හෝමාගම
රිකී – කොළඹ කොටුව
මැක්ස් ලයිට් – මොරටුව
රිට්ස් – බොරැල්ල
සැවෝයි මෙට්‍රෝ – මහරගම
ඇමිටි ලයිට් – මහරගම
නව රේඛා – කඩුවෙල
රීගල් – දෙමටගොඩ
ගම්පහ දිස්ත්‍රික්කය
රීගල් – ගම්පහ
සැවෝයි මෙට්‍රෝ – ගම්පහ
CK – කිරිඳිවැල
සිනෙමැක්ස් – ජා ඇල
විස්ටා ලයිට් – ජා ඇල
නිකාඩෝ – කඩවත
රෝයල් සිනමා – මීගමුව
හිමාලි – කිරිබත්ගොඩ
KCC Multiplex – නුවර
නිව් චම්පිකා – ඉංගිරිය
ස්‍රියා – වාරියපොළ
ෂැම්රොක් – වෙන්නප්පුව
මිලානෝ – කෑගල්ල
ප්ලාසා – කලුතර
NIT – යටියන්තොට
NIT – කුරුණෑගල
NIT – රත්නපුර
E.D.C. – කැකිරාව
රුහුණු – තංගල්ල
ප්‍රින්ස් – ගාල්ල
ස්කයි ලයිට් – මාතර
විජේන්ද්‍ර – අනුරාධපුර
විල්මැක්ස් – අනුරාධපුර
ජෝති – රත්නපුර
සිනෙක්ස්පෝ – කුරුණෑගල
රීගල් – අම්බලන්ගොඩ
ප්‍රිස්කා – කලුතර
SK – මාතර
නිව් ටවුන් – ඇඹිලිපිටිය
සරසවි – අලව්ව
ලක්බිම – කුලියාපිටිය
රීගල් – යාපනය
නන්දා – නිකවැරටිය
Written by Kavinu Weerakkody