චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස ගොඩනැංවීමට පියවර.

Avatar Nisanka Weheraduwa | July 6, 2021 476 Views 0 Likes 0 Ratings

476 Views 0 Ratings Rate it

චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන පෙලේ කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කරනවා. ජූලි 05 වැනිදා කොල්ලුපිටිය කර්මාන්ත අමාත්‍යංශයේ පැවති විශේෂ හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කොට තිබෙනවා. චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංසද 07ක නියෝජිතයින් සමග පැවැත්වූ මෙම හමුවේදී අදාළ කරුණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කොරෝනා වසංගතය හේතුවෙන් චිත්‍රපට ක්ෂේත්‍රය මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස ගොඩනැංවීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මේ හමුවේ මූලික අරමුණ වී තිබුනා. චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් කොරෝනා වසංගතය හමුවේ ක්ෂේත්‍රය මුහුණදී ඇති ගැටළු වලටද යම් සහනයක් ලබාගත හැකිවනු ඇති බව මෙම වෘත්තීය සංවිධාන නියෝජිතයින් මෙම හමුවේදී ප්‍රකාශ කළා.

දේශීය සිනමාව නූතනයට ගැලපෙන පරිදි යාවත්කාලීන කරමින් Netflix වැනි OTT Platforms වෙනුවෙන් ඉංග්‍රීසි බසින් මෙරට නිර්මාණ කිරීමේ වැදගත්කම මෙහිදී අමාත්‍යවරයා මෙම වෘත්තීය සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා කළ බවද අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයේ සඳහන් වනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නියෝජනය කරමින් ජයන්ත චන්ද්‍රසිරි සහ බෙනට් රත්නායක, රංගන ශිල්පීන් නියෝජනය කරමින් දමිතා අබේරත්න සහ බිමල් ජයකොඩි, සංස්කරණ ශිල්පීන් නියෝජනය කරමින් රවින්ද්‍ර ගුරුගේ, චිත්‍රපට බෙදාහරින්නන් නියෝජනය කරමින් අනුරාධ රැකව, අංග රචනා ශිල්පීන් නියෝජනය කරමින් වසන්ත විට්ටච්චි, කලා අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් අජන්ත අලහකෝන්, සහය අධ්‍යක්ෂවරුන් නියෝජනය කරමින් චාමර සේලාර සහ නිෂ්පාදන කළමනාකරුවන් නියෝජනය කරමින් චලින් මධුරංග යන වෘත්තියවේදීන් මෙම හමුවට සහභාගී වී තිබෙනවා.

Share

476 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.