ජයන්තගේ “මිදුණු විශ්වය” වැඩ අරඹයි
සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ඝරසරප චිත්‍රපටය පසුගිය වසරේ සාර්ථකව තිරගත වුනා. සම්මාන උළෙල කිහිපයකදීම විවිධ ඇගයීම් වලට ලක්වුණු මේ චිත්‍රපටය පසුගියදා පවතී SIGNIS සම්මාන උළෙලේදී සම්මාන රැසකට හිමිකම් කීමට සමත් වුනා. ඝරසරප චිත්‍රපටයෙන් පසුව ජයන්ත චන්ද්‍රසිරි තවත් අලුත් පියවරකට ඇත තැබීමේ නිළ උත්සවය පසුගියදා පැවැත්වුනා.
ඔහුගේ නවතම සිනමා නිර්මාණය “මිදුණු විශ්වය” ලෙස නම්කොට තිබෙනවා. වෙනස් ආකාරයක වෘතාන්තයක් රැගත් මේ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වුනා. චිත්‍රපටයට උද්ධික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසුරිය, චුලක්ෂි රණසිංහ, බුද්ධික ජයරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා.
නවරත්න ගමගේ සංගීතවත් කරන චිත්‍රපටයට කුෂාණි සඳරේඛා ගායනයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
සේයා : නිශ්ශංක විජේරත්න
Written by Nisanka Weheraduwa