තීර්තයේ සිනමා දැක්ම – මෙවර වාර්තා චිත්‍රපට දර්ශනයක්
තීර්ත කලා පාසල (Theertha School of Arts – TSA) සංවිධාන කරන චිත්‍රපට දර්ශනය සහ සිනමා සංවාද වැඩසටහනේ තුන්වැනි පියවර පැවැත්වීමට සංවිධායකයින් සූදානම් වනවා. මෙවර තිබෙන්නේ වාර්තා චිත්‍රපටයක්. ඔක්තෝබර් 01 වැනි බ්‍රහස්පතින්දා සවස 4.30 බොරැල්ල Theertha Red Dot Gallery පරිශ්‍රයේ මේ වැඩසටහන පැවැත්වෙනවා. චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව ඒ පිලිබඳ සංවාදයක්ද පැවැත්වීමට නියමිත බව සංවිධායකයින් පවසනවා. චිත්‍රපටය පිලිබඳ හඳුන්වාදීම සහ සංවාදය සඳහා ලොහාන් ගුණවීර සහභාගී වීමට නියමිතයි.
CITIZENFOUR චිත්රපටය සැබෑ ජීවිතය තුළ දිගහැරෙන ත්රාසජනක කතාවක්. එය චිත්රපට අධ්‍යක්ෂිකා Laura Poitras හා මාධ්යවේදී Glenn Greenwad එක්සත් ජනපදයේ නැෂනල් සිකියුරිටි ඒජන්සිය (NSA) වෙනුවෙන් සේවය කළ විශ්ලේෂකයකු වූ Edward Snowden මුණ ගැසුණු ඒ ඓතිහාසික මොහොතට සහභාගී වීම සඳහා ප්රේක්ෂකයින්ට ප්රවේශපත්රයක් ලබා දෙයි. හොං කොං හි සිදු වූ එම හමුවේ දී Snowden ඔවුන් දෙදෙනා අතට පත් කළේ තම එජන්සිය හා සහකාර ඔත්තු සේවා විසින් ක්රියාත්මක කරනු ලැබූ පුළුල් පරිමාණ හා නීතිවිරෝධී ඔත්තු බැලීමේ ජාලයක් පිළිබඳ රහස් ලිපිලේඛන සමුදායකි. එමඟින් එක්සත් ජනපදය, එක්සත්රා ජධානිය හා ඔවුන්ගේ මිත්ර රටවල් විසින් ලොව පුරා ක්රියාත්මක කෙරෙන මහජනතාවන්ට එරෙහි ඔත්තු බැලීමේ ක්රියාවලියක් එළිදරව් කෙරුණේ ඒවායේ සමාජ-දේශපාලන, මෘදුකාංග හා දෘඪාංගමය යටිතලයෙහි සමීප රූප සමඟිනි. ස්නෝඩන්ට අවශ්‍ය වූයේ මේ තොරතුරු එක්සත් ජනපදයේත් ලොව පුරාත් සාමාන්‍ය ජනතාව අතට පත්වන බවට සහතිකයකි. ඒ වෙනුවෙන් ඔහු සිය දිවි පරදුවට තැබී ය.
87 වැනි ඇකඩමි (OSCAR) සම්මාන උළෙලේ හොඳම වෘතාන්ත වාර්තා චිත්‍රපටය (Best documentary feature) ලබා ගැනීමට Laura සමත් වූයේ Citizenfour වාර්තා චිත්‍රපටය වෙනුවෙනුයි. මේ අපූරු වාර්තා චිත්‍රපටය නරඹන්න, ඒ පිලිබඳ කතාබහකට එක්වන්න, ඔක්තෝබර් 01 වැනිදා සවස 4.00ට තීර්ත කලා පාසලට පැමිණෙන ලෙස සංවිධායකයින් ඔබට ඇරියුම් කර සිටී.
Written by Nisanka Weheraduwa