දීපා මේතාගේ FUNNY BOY ලංකාවේ තිරගත වෙයි.

Avatar Nisanka Weheraduwa | January 29, 2022 773 Views 0 Likes 4 On 1 Rating

773 Views 4 On 1 Rating Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි
කැනේඩියානු ශ්‍රී ලංකික කතුවරයකු වන ශ්‍යාම් සෙල්වදුරෛ විසින් සිය ජීවන අත්දැකීම් ඇසුරින් ලියන ලද කෘතියක් වූ Funny Boy කැනඩාවේදී ප්‍රකාශයට පත්කෙරුනා. ඊට කලකට පසුව කැනේඩියානු ඉන්දියානු සිනමාකාරියක වන දීපා මේතා විසින් මේ කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කටයුතු කළා. Funny Boy නමින්ම නම් කෙරුණු මේ චිත්‍රපටයේ තිර රචනය දීපා මේතා සහ ශ්‍යාම් සෙල්වදුරෛ එක්ව රචනා කොට තිබෙනවා. ශ්‍රී ලාංකික ශිල්පීන් පිරිසක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ ශිල්පීන් දායක කරගනිමින් එම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. Brandon Ingram, රෙහාන් මුදන්නායක, නිම්මි හරස්ගම, Hidaayat Hazeer, රුවින් ද සිල්වා, ශිවන්ත විජේසිංහ, ඇතුළු ශ්‍රී ලාංකික ශිල්පීන් මෙම චිත්‍රපටයට රංගනයෙන් එක්ව තිබෙනවා.
Funny Boy ශ්‍රී ලංකාවේ සිනමාහල් කිහිපයක තිරගත කිරීම ජනවාරි 28 වැනිදා ආරම්භ කෙරුනා. ඒ අනුව මෙම චිත්‍රපටය තිරගත වන සිනමාහල් සහ දර්ශන වාරයන් පිලිබඳ විස්තර මෙසේයි.
*PVR – One Galleface 11.00am, 12.45pm, 8.15pm
*CCC Scope –  4.00pm, 10.00pm
*ලිබර්ටි- කොල්ලුපිටිය: 1.00pm
*සිටි සිනමා- ගල්කිස්ස: 4.15pm
*රීගල් – කොළඹ: 7.00pm
*රීගල්- දෙමටගොඩ: 1.30pm, 7.30pm
*රීගල්- ගම්පහ: 1.00pm
*රීගල්- නුවරඑළිය: 10.00am
* රීගල්- යාපනය: 10.15am, 7.00pm
Funny Boy මෙම වසරේ මෙරට තිරගත වන 11 වැනි විදෙස් චිත්‍රපටය වනවා.
Share

773 Views 4 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.