නෙරූදා කිසිදා නොලියූ කවිය – ඇල්බොරාදා, ළඟදීම රිදී තිරයට.

Avatar Nisanka Weheraduwa | January 7, 2022 300 Views 0 Likes 0 Ratings

300 Views 0 Ratings Rate it

සිනමා ක්ෂේත්‍රයේ සිය ආවේණික හැඩය සටහන් කරගත්, දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් විවිධ අවස්ථාවන්හිදී සම්මානිත වූ මෙරට සිටින සිනමාකරුවන් අතළොස්සෙන් ප්‍රමුඛ අධ්‍යක්ෂවරයෙක් වන අසෝක හඳගම සිය නවතම සිනමා නිර්මාණය තිරගත කිරීමට සූදානම් වනවා. “ALBORADA – The downing of the day” ලෙසින් නම්කොට ඇති මේ චිත්‍රපටයට “The poem Neruda never wrote” ලෙස තේමාවක් භාවිතා කොට තිබෙනවා. ලෝක ප්‍රකට කවියකු වූ Pablo Neruda 1929 වසරේ බ්‍රිතාන්‍ය රාජතාන්ත්රිකයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකක් පමණ ලංකාවේ ජීවත් වී ඇති සමය පදනම් කොටගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. අසෝක හඳගම විසින් තිර රචනය කොට ඇති ALBORADA චිත්‍රපටය සරසවි සිනෙරූ වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමරත්න විසින් නිෂ්පාදනය කොට තිබෙනවා.

Pablo Neruda ලෙස Luis Jose Romero සහ Josie ලෙස Anne-Solenne Hatte රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ සෙසු චරිත වෙනුවෙන් ශ්‍රී ලාංකික ශිල්පීන් පිරිසක් එක්ව සිටිනවා. රිතිකා කොඩිතුවක්කු, මැල්කම් මචාඩෝ, ඩොමිනික් කෙලර්, නිමායා හැරිස්, තුසිත ලක්නාත්, කෞශල්‍යා මෙන්ඩිස්, සමන්ත බාලසූරිය, ක්‍රිශාන්ත ජයබාහු, ඇඩම් ස්මිත් චිත්‍රපටයට රංගනයෙන් එක්වූ ලාංකික ශිල්පින් අතර වනවා. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැලසුම්කරණයෙන්, ඉරන්ති අබේසිංහ රේඛීය නිෂ්පාදනයෙන්, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්, චත්‍ර වීරමන් VFX නිර්මාණයෙන්, දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන්, අජිත් කුමාරසිරි සංගීත අධ්‍යක්ෂණයෙන්, සමරසිරි කඳනගේ අංග රචනයෙන්, පියතිස්ස අකුරම්බොඩ ඇඳුම් නිර්මාණයෙන්, වතීස් වරුණන් සහය අධ්‍යක්ෂණයෙන් ALBORADA චිත්‍රපටයට දායත්වය ලබාදී තිබෙනවා.

Neruda කිසිදා නොලියූ කවිය “Alborada” ළඟදීම ලාංකික ප්‍රේක්ෂකයින්ට දැකගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව අධ්‍යක්ෂ අසෝක හඳගම පවසනවා.

Share

300 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.