මැයි මාර ප්‍රසංගය සිනමාවට – රොෂාන් සහ උමාලි ප්‍රධාන රංගනයෙන්
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මෙරට සිටින දක්ෂතම නව කතාකරුවෙක් සහ කවියෙක්. ඔහු විසින් රචනා කළ සෙංකොට්ටං, මාණික්කාවත වැනි නවකතා ලාංකීය පාඨකයින් අතරෙ හි ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව තිබෙනවා. පසුගියදා එළි දැක්වුනු ඔහුගේ තුන්වන නව කතාව වන මැයි මාර ප්‍රසංගය ග්‍රන්ථය ද ඔහුගේ පෙර නවකතා මෙන්ම මෙරට පුරාම ජනප්‍රියත්වයකට පත් වුනා.
මැයි මාර ප්‍රසංගය ලබාගත් විශාල රසික ආකර්ෂණයත් සමඟ එම නව කතාව, සිනමා නිර්මාණයකට නැඟීමෙහි ලා මූලික වැඩ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. පසුගියදා එහි මුහුරත් උළෙල පැවැත්වූයේ බත්තරමුල්ල වෝට’ස් ඒජ් පරිශ්‍රෙය්දී යි.
මැයි මාර ප්‍රසංගය සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ මුල් ග්‍රන්ථය රචනා කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින්මයි. ඔහු මීට පෙර මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවක සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.
මැයි මාර ප්‍රසංගයෙ හි කතාව දිවෙන්නේ සමිධ නැමැති තරුණයෙකු සහ ඔහු සිතින් ප්‍රේම කරන සංචරණි නැමැති තරුණියක වටායි. චිත්‍රපටය තුළ මෙම ‘සමිධ’ගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීන රංගන ශිල්පී රොශාන් රවීන්ද්‍ර විසිනුයි. ‘සංචරණී’ගේ චරිතයට තෝරාගෙන තිබෙන්නේ ජනප්‍රිය නිළි උමාලි තිලකරත්නවයි.
“ආදරණීය වස්සානය” (2004) නැමැති රොශාන් රවින්ද්‍ර රඟපෑ පළමු සිනමාපටයෙන්ම මෙරට රසිකයින්ගේ ජනාදරයට පාත්‍ර වන්නට ඔහුට හැකියාව ලැබුනා. ඉන්පසුව උප්පලවණ්ණා – මවුස් – ඇඩ්‍රස් නෑ – ආලෝකෝ උදපාදි – සුළඟ ගිනි අරන් වැනි චිත්‍රපට ගණනාවකට ඔහු සම්බන්ධ වුනා.
වීරයා ගෙදර ඇවිත්, දස්කොන්, බැද්දේ කුලවමිය, සහෝදරයා, සත්‍යා වැනි ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් එක්වෙමින් සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඔහු පසුගිය කාලයේදී මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් “තණමල්විල කොල්ලෙක්” ටෙලි වෘතාන්තයේ අධ්‍යක්ෂකවරයා ද වනවා.
වර්තමාන කලා ක්ෂේත්‍රෙය් දක්ෂ රංගන ශිල්පිනියක වන උමාලි තිලකරත්නව රෝස වසන්තේ – මහරජ ගැමුණු – නිනෝ ලයිව් – ඒලෙවල් වැනි සිනමාපට රැසකම දක්නට ලැබුනා. බොහිමියානුවා, පීතෘෘ, සකර්ම ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයක්…
මැයි මාර ප්‍රසංගයේ ප්‍රධාන චරිත රඟන රොශාන් රවින්ද්‍ර සහ උමාලි තිලකරත්න හැරුනු කොට නීටා ප්‍රනාන්දු, විශ්වජිත් කරුණාරත්න, සේවියර් කනිෂ්ක වැනි ජනප්‍රිය නලු නිළියන් රැසක් දක්නට ලැබෙනවා.
මැයි මාර ප්‍රසංගය, KP Productions වෙනුවෙන් කුමාරි පණ්ඩිතරත්නගේ නිෂ්පාදනයකි. මෙහි රූගත කිරීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි.
Written by Kavinu Weerakkody