රංගන ශිල්පී අනුර මැදගොඩ සමුගනියි.

Avatar Nisanka Weheraduwa | September 6, 2022 185 Views 0 Likes 0 Ratings

185 Views 0 Ratings Rate it

සිනමා සහ ටෙලි මාධ්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වූ අනුර මැදගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා. චිත්‍රපට, ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් එක්වූ ඔහු, මියයන විට 74 වැනි වියේ පසුවුනා.

ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු, මෙරට පළමු ටෙලිනාට්‍ය වූ ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ, “දිමුතු මුතු” ටෙලි නිර්මාණයටද රංගනයෙන් දායක වූවෙක්. අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ “කඩුල්ල” ඇතුළු තවත් නිර්මාණ රැසකට ඔහුගේ රංගන දායකත්වය ලැබී තිබෙනවා.

දේශීය සිනමාවේ ජනප්‍රිය දැවැන්ත සිනමා නිර්මාණ ගණනාවකට රංගන දායකත්වය ලබාදීමටද ඔහුට හැකියාව ලැබුනා. ගඟ අද්දර ,කරැමක්කාරයෝ, යුගාන්තය, දෙවෙනි ගමන , ආදර කතාවක් , මහ ගෙදර ඇතුළු තවත් නිර්මාණ ගණනාවකින් ඔහු රිදී තිරය හැඩකළා. ඔහු මහහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු මෙන්ම මළල ක්‍රීඩකයකු ලෙසද දස්කම් දැක්වූවෙක්. වෘත්තීය බැංකුකරුවකු වූ අනුර මැදගොඩ, හැටන් නැෂනල් බැංකුවේ බැංකු නිළධාරියකු ලෙස සේවයේ නියුතු වූවා.

Share

185 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.