රයිඩර් – දෙරණ LUX සිනමා සම්මාන 2024
රොශාන් රණවන විසින් ප්‍රධාන චරිතය රඟපෑ “රයිඩර්” (Rider) ක්‍රියාදාම චිත්‍රපටය, දෙරණ LUX සිනමා සම්මාන 2024 සඳහා එක්වූ තවත් ජනප්‍රිය ලාංකීය සිනමා නිර්මාණයක්.
සදේශ් නැමැති විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ චරිතයයි රොශාන් රණවන විසින් මෙහිදී නිරූපණය කරන්නේ. විශ්ව විද්‍යාල දේශපාලනයට එකතු වූ ශිෂ්‍ය ක්‍රියාධරයෙකු වන සදේශ්ට, තමන් නොකළ වැරැද්දකට සිරගත වන්නට සිදුවනවා. එතැන් පටන් ඔහුට නොසිතූ සිදුවීම් ගණනාවකට මුහුණ දීමට වන අතර පාතාලය සහ පොලිසිය සමඟින් ගනුදෙනු කරන්නටත් ඔහුට සිදුවනවා.
“රයිඩර්” (Rider) චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ පාතලය සහ ලාංකීය අඳුරු දේශපාලකයින් සමඟ සදේශ්ගේ එම ගනුදෙනුවයි.
චිත්‍රපටයේ කතාව – දෙබස් – තිර පිටපත රචනා කර තිබෙන්නේ රජිත හිරාන් විසිනුයි. එමෙන්ම “රයිඩර්” (Rider) සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහුයි. සොමි බෝයිස්, සැපට දුකට සනී, රෑ ඩැනියෙල් දවල් මිගෙල් වැනි නිර්මාණ හරහා හාස්‍ය රංගන ශිල්පියෙකු වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ රජිත හිරාන් දිගු වෘතාන්ත සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන පළමු අවස්ථාව මෙය බවත් පැවසෙනවා.
රයිඩර් (Rider) චිත්‍රපටයේ රොශාන් රනවනට අමතරව අනුජ් රණසිංහ, සරත් දික්කුඹුර, රජිත හිරාන්, චිලී තිවංක, සරත් කුලාංග වැනි ලාංකීය සිනමාවේ ජනකාන්ත නලු නිළියන් ගණනාවක්ම රංගනයෙන් දායක වනවා. ප්‍රවීණ රංගධරයෙකු වන සනත් ගුණතිලක ද රයිඩර් (Rider) හි උපප්‍රධාන චරිතයකින් ඔබට දැකගත හැකියි.
Indunil Creations වෙනුවෙන් මෙම සිනමාපටය නිෂ්පාදනය කරන්නේ මෙරට ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකු වන අනුෂ්ක ඉඳුනිල් විසිනුයි. ඔහුද චිත්‍රපටයේ එක් චරිතයක් සඳහා රංගන දායකත්වය ලබා දෙනවා.
සුජිත් නිශාන්තගේ කැමරා අධ්‍යක්ෂණයෙන් හැඩ වූ මෙහි සංස්කරණය තනුෂ්ක කහඳවලගෙනි. සංස්කරණයට අමතරව ශබ්ද සැලසුම් සහ වර්ණ සංයෝජනය සිදු කළේ ද ඔහුයි. සුරේශ් කුමාරසිංහ රයිඩර් චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් එක්ව තිබෙනවා. ශබ්ද සංයෝජනය සශින් ගිම්හාන් පෙරේරායි. කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල් සහ නිෂ්පාදන කළමනාකරණය ලෝචන සෙනෙවිරත්නයි.
හේශාන් කුරුප්පු, චාමික සමරසිංහ සහ සසිඳු දිලුරංග මෙහි සංගීත නිර්මාණයට සම්බන්ධව තිබෙනවා. චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා වශයෙන් කටයුතු කර තිබෙන්නේ මනුක දිල්ශානුයි. පසු නිෂ්පාදනය ARC Cinema විසිනි.
රයිඩර් චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody