Cinema of Tomorrow 2024 – අලුත්ම සිනමාපට නොමිලේ නරඹන්නට ඔබත් පැමිණෙන්න
දෙරණ LUX සිනමා සම්මාන රාත්‍රියට සමගාමීව, ලංකාවේ සිටින දක්ෂ සිනමාකරුවන්ගේ නවතම සිනමාපට නොමිලේම නැරඹීමට මෙරට ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් ලබා දෙන, Cinema of Tomorrow (හෙට දවසේ සිනමාව) චිත්‍රපට උළෙල මෙවරත් පැවැත්වෙනවා.
ලංකාවේ සිටින දක්ෂ සිනමාකරුවන් සිව්දෙනෙකුගේ චිත්‍රපට 04ක් මෙවර මහජන ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබෙන අතර ඒ සිනමාපට කිසිවක් මීට පෙර මෙරට මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වී නැහැ.
එළඹෙන නොවැම්බර් 02 සහ 03 වනදා, මරදාන සිනෙසිටි සිනමා ශාලාවට පැමිණියහොත්, මෙම සිනමාපට සියල්ලම නොමිලයේ නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා!
- නොවැම්බර් 02 වනදා (සෙනසුරාදා)
උදෑසන 10.30 – මැරීන් ඩ්‍රයිව්
සවස 2.00 – අවාලු පැහැ වලාකුලක්
- නොවැම්බර් 03 වනදා (ඉරිදා)
උදෑසන 10.30 – ශේෂ
සවස 2.00 – Tentigo
මේඝ සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ මැරීන් ඩ්‍රයිව් සිනමාපටය මෙරට සිනමා රසිකයින් කාලයක් තිස්සේම මඟ බලා සිටි නිර්මාණයක්. ජගත් මනුවර්ණ, නයනතාරා වික්‍රමාරච්චි, ධර්මප්‍රිය ඩයස්, රුවින් ඩි සිල්වා වැනි නලු නිලියන් රැසක් එහි රංගනයෙන් දායක වනවා.
රුක්මල් නිරෝෂ්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ලෙසින් නිමැවූ අවාලු පැහැ වලාකුලක් චිත්‍රපටයේ රංගනයෙන් එක්වන්නේ මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, ඩිනාරා පුංචිහේවා ඇතුලු පිරිසකුයි. යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශය සඳහාත් මෙය සුදුසුකම් ලැබුවා.
ඉසුරු ගුණතිලකගේ කුළුදුල් අධ්‍යක්ෂණය වන ශේෂ සිනමාපටය මෙරට සාම්ප්‍රදායික නර්තන කලාව රැකගන්නට වෙහෙසෙන ගුරු පරපුරක් වටා ගෙතුනු නිර්මාණයක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ චන්දන වික්‍රමසිංහ සමඟින් උමාලි තිලකරත්නයි.
මේ වනවිටත් විදෙස් සිනමා උළෙල රැසක් නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ Tentigo සිනමාපටය ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයක්. ප්‍රියන්ත සිරිකුමාර, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස්, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු නලු නිලියන් රැසක් එහි රංගනයෙන් එක්වනවා.
එමෙන්ම, මීට සමගාමීව එළඹෙන නොවැම්බර් 10 වනදා පැවැත්වෙන දෙරණ LUX සිනමා රාත්‍රියේදී හෙට දවසේ සිනමාව නියෝජනය කරමින් සම්මාන ත්‍රිත්වයක් ප්‍රදානය කිරීමටත් සියලු කටයුතු සූදානම්…
Best Picture – Cinema of Tomorrow
Most Promising Director
Best Short Movie
යන සම්මාන ත්‍රිත්වය ද, මෙහිදී පිරිනැමීම සිදුවනවා.
මෙරට තවමත් තිරගත නොවුනු, එකිනෙකට වෙනස් නැවුම් සිනමාපට 04ක් නොමිලයේම නරඹන්නට ඔබත් Cinema of Tomorrow වෙත එකතුවෙන්න!!!!
Written by Kavinu Weerakkody