“රූකඩ පැංචි” – ළමයි වගේම වැඩිහිටියනුත් බැලිය යුතුමයි
“ළමා චිත්‍රපට කියන්නේ ලෝකෙම ගත්තහම බොහොම ජනප්‍රිය චිත්‍රපට ශානරයක්. අපේ රටෙත් ළමා චිත්‍රපට බොහොමයක් ජනප්‍රිය වුනා. නමුත් ඒ බහුතර ළමා චිත්‍රපට වලට විෂය වුනේ අපේ ළමා කාලයේ සිදුවීම්. ගම, ඇලදොළ, සතුන්, වනාන්තර, ඔන්න ඔය වගේ තේමා සහිත කතා. නමුත් “රූකඩ පැංචි” ඊට වඩා වෙනස් කතාවක්. මේ චිත්‍රපටයේ ඉන්න නූතන ළමයා. Smart phone, Computers එක්ක ගණුදෙනු කරන නූතන ළමයාගේ සිතුම් පැතුම් පරාසය ගැනයි මේ චිත්‍රපටයේ කියැවෙන්නේ” මෙහෙම කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි. එහෙම නැතිනම් රූකඩ පැංචි චිත්‍රපටයේ “අන්කල් ලුවී”
රූකඩ පැංචි කියන්නේ වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ රචනය කොට අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය. මේ දවස්වල ලංකාව පුරා සිනමාහල් වල මේ චිත්‍රපටය තිරගත වනවා. මේක ළමයින් වගේම වැඩිහිටියනුත් අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් බව රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පවසනවා. ඔහු මේ චිත්‍රපටයේ රූකඩ පැන්චිගේ බාප්පා විදිහට රංගනයෙන් දායක වනවා.
දිල්හානි ඒකනායක, උමාලි තිලකරත්න, දයාදේව එදිරිසිංහ, නිරෝෂන් විජේසිංහ, බන්දුල විජේවීර, කුශේන්‍යා ෆොන්සේකා සහ ලක්ෂික දේශාන් මේ චිත්‍රපටයේ චරිත මවනවා. සරත් සේනාරත්න සහය අධ්‍යක්ෂණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ පදරචනය සහ සංගීත නිර්මාණයෙන්, Jaan Shenberger නම් ඇමරිකානු කැමරා අධ්‍යක්ෂවරයා කැමරාකරණයෙන්, කල්පනා ආරියවංශ කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන්, තපස් නායක් ශබ්ද නිර්මාණයෙන් සහ සැලසුම්කරණයෙන්, ප්‍රියන්ත වන්නින්නායක වේශ නිරුපනයෙන් මේ චිත්‍රපටයට දායක වී තිබෙනවා.
ඔබේ දරුවාට වෙනස් අත්දැකීමක් ලබාදෙන්න. ඔබට ලඟම සිනමාහලට දරුවා සමග යන්න. මේ අපූරු අත්දැකීම විඳින්න ඔවුන්ට අවස්ථාව ලබාදෙන්න.
Written by Nisanka Weheraduwa