වසර අටකට පසුව Cameron Diaz නැවතත් සිනමා තිරයේ
කලකට පෙර රංගනයෙන් සමුගත් හොලිවුඩ් රංගන ශිල්පිනියක වන Cameron Diaz එකල ලෝක සිනමාවේ සිටි ජනප්‍රියම නිළියක්. ඇගේ සරාගී බව සහ ඇය රඟපෑ බොහෝමයක් චිත්‍රපට simple entreating ගතියකින් හෙබි හාස්‍යමය චිත්‍රපට නිසා Cameron Diaz වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එකල දක්නට සිටියා. විවාහයත් සමඟ මීට වසර 08කට පෙර, 2014 වර්ෂයේදී ඇය රඟපෑමෙන් සමු ගත්තද, ඇය රඟපෑ චිත්‍රපට අදටත් බොහෝ දෙනා රස විඳිනවා.
ලෝක ප්‍රසිද්ධ Hollywood Walk of Fame සම්මානලාභිනියක වන ඇය, Golden Globes සහ BAFTA ආදී ප්‍රධාන ශානරයේ සම්මාන සඳහාත් කිහිප වතාවක්ම නිර්දේශ වුනා. ඇස්තමේන්තු ගත කර තිබෙන ආකාරයට Cameron Diazගේ චිත්‍රපට රැස් කරගත් මුලු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 07කටත් අධිකයි. එවැනි ජනප්‍රියත්වක් හිමි කරගෙන, එකල සිනමා ලෝකයේ සිටි දැවැන්තම රංගන ශිල්පිනියන් අතරට එක් වුනු Cameron Diaz 2009 වසරේදී රංගනයෙන් ඈත් වීමට තීරණය කළේ එකවරමයි. 2010 සිට 2014 දක්වා කාල වකවානුව ඇගේ රංගන ජීවිතයේ ජනප්‍රියම අවධිය ලෙසට හැඳින්වූවත් 2014දී තිරගත වුනු Sex Tape හා Annie චිත්‍රපට ද්විත්වයෙන් පසු මේ දක්වාම ඇය කිසිදු නව නිර්මාණයකට රංගනයෙන් සම්බන්ධ වූයේ නැහැ.
2014දී Cameron Diaz රංගනයෙන් ඉවත් වීමේ තීරණය සිනමා විචාරකයින් විස්තර කළේ, මෑතකාලීන සිනමාවේ සිටි ස්ථාවරම රංගන ශිල්පිනියක් හොලිවුඩයට අහිමි වූ බවටයි.
කෙසේ වුවත්, වසර 08ක නිහැඬියාව අවසන් කරමින් දැන් නැවතත් සිනමා රංගනයට එක්වීමට Cameron Diaz සූදානමින් සිටින බවට විවිධ තොරතුරු වාර්තා වනවා. ඒ Netflix ආයතනයෙන් නිෂ්පාදනය වන නවතම සිනමා නිර්මාණයක් හරහායි.මෙම චිත්‍රපටයේ වැඩිදුර විස්තරයක් තවමත් වාර්තා වී නැතත්, Cameron Diaz රංගනයෙන් එක්වීමට නියමිතව තිබෙන්නේ මෙහි ප්‍රධාන කාන්තා චරිතයටයි. Back in Action යනුවෙන් නම් කර තිබෙන මෙම චිත්‍රපටය Comedy/Action (හාස්‍යමය ක්‍රියාදාම) ශානරයට අයත් වන්නක් බවත් පැවසෙනවා. නමුත් තිර පිටපත හා සම්බන්ධ වැඩිදුර විස්තරයක් දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඇතැම් වෙබ් අඩවි තුළ මෙය ප්‍රබන්ධ කෘතියක් ඇසුරෙන් නිෂ්පාදනය වන චිත්‍රපටයක් බවටත් සඳහන්ව තිබෙනවා.
එසේ වුවහොත් Cameron Diazට හුරුපුරුදු සහ Cameronව වැඩිපුරම ජනප්‍රියම වූ හාස්‍යමය ශාරනයට අයත් චිත්‍රපටයකින්ම ඇයව නැවතත් දැක ගැනීමට රසිකයින්ට අවස්ථාව ලැබිය හැකියි.
Cameron Diaz සමඟින් මෙහි අනෙක් ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබෙන්නේ ජනප්‍රිය ප්‍රහසන නලු Jamie Foxxවයි. සුප්‍රසිද්ධ ඇමරිකානු රංගන ශිල්පියෙකු සහ ගායකයෙකු වන ඔහු වරෙක ඇකඩමි සම්මානයෙන් පවා පිදුම් ලැබූ අයෙක්. ලෝක සිනමා ඉතිහාසයේ එකම වසරකදී හොඳම නලුවාට හිමි
Academy Award
British Academy Film Award
Screen Actors Guild Award
Critics’ Choice Movie Award
Golden Globe Award යන ප්‍රධාන සම්මාන පහම ජයග්‍රහණය කළ දෙවන නලුවා වන්නේ ද ඔහුයි. Jarhead, Django Unchained, The Amazing Spider Man 2, Collateral වැනි සිනමාපට හරහා ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් වූ ඔහු Grammy සම්මානලාභී දක්ෂ සංගීතවේදියෙකු ද වනවා.
තවත් සුවිශේෂත්වයක් වන්නේ, 2014 වසරේදී Cameron Diaz අවසානයට රඟපෑ Annie නැමැති චිත්‍රපටයේදී ඇය සමඟින් ප්‍රධාන චරිතයට සම්බන්ධ වූයේ ද Jamie Foxx වීමයි. එම Annie සිනමාපටයෙන් පසු ඇය රඟපෑමෙන් ඉවත් වුනා.
දැන් ඊට වසර 08කට පසු, ඇය නැවතත් රංගනයට එකතු වන අවස්ථාවේදීත් ඇය සමඟින් Back in Action චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හොබවන්නේ ද Jamie Foxx විසින්මයි. ඊට අමතරව Any Given Sunday (1999) චිත්‍රපටයටත් මොවුන් දෙදෙනා එක්ව රංගනයෙන් දායක වුනා.
“Cameron Diaz is officially un-retiring!!
She will star with Jamie Foxx in a new Netflix movie — and we have an unexpected person to thank for getting her back in action…”
අන්තර්ජාලයේ සඳහන් වන අන්දමට මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතව තිබෙන්නේ මෙම වසර අග භාගයේ සිටයි. නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා සහ තිර රචකයා පිළිබඳ තොරතුරු කිහිපයකුත් පිළිගත් මූලාශ්‍ර ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Variety වෙබ් අඩවියට අනුව මෙම Back in Action අධ්‍යක්ෂණය කිරීමට තෝරාගෙන තිබෙන්නේ Seth Gordonවයි.
Identity Thief, Baywatch වැනි බොක්ස්-ඔෆිස් චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන ඔහු වර්තමාන හොලිවුඩයේ සිටින සාර්ථකම වාණිජ – ප්‍රහසන චිත්‍රපට නිර්මාණකරුවෙකු ලෙස සැලකෙනවා. 2011දී තිරගත වූ Horrible Bosses හාස්‍යමය චිත්‍රපටය Seth Gordonගේ සිනමා ජීවිතයේ career hit නිර්මාණය වන අතර එහි දළ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධිකයි.
චිත්‍රපටයේ කතාව සහ තිර පිටපත රචනා කිරීමට Brendan O’Brien ගිවිසුම්ගත වූ බවත් Variety වෙබ් අඩවිය පවසනවා. නමුත් එය Brendanගේ තනි රචනයක් නොවන බවත්, අධ්‍යක්ෂක Seth Gordon ද චිත්‍රපටය රචනා කිරීමට හවුල් වී තිබෙන බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා. අතිශය ජනප්‍රිය හාස්‍ය චිත්‍රපට මාලාවක් වන Neighbors හි තිර පිටපත රචනා කළේ ඔහුයි.
Good One Production ආයතනය වෙනුවෙන් Back in Action සිනමාපටය නිෂ්පාදනය කරන්නේ Beau Bauman විසිනි. මින් පෙර Dwayne Johnson සහ Kevin Hart රඟපෑ Central Intelligence චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද එම නිෂ්පාදන ආයතනය විසින්මයි. ඔහුට අමතරව Datari Turner හා Mark McNair යන නිෂ්පාදකවරුන් දෙදෙනාම Back in Action චිත්‍රපටය නිෂ්පාදනය සඳහා එක්වනවා. Back in Action හි ප්‍රධාන චරිතය රඟපාන Jamie Rox, මෙහි විධායක නිෂ්පාදකවරයෙකු ලෙස ද සම්බන්ධ වීමට නියමිතයි.
Written by Kavinu Weerakkody