‘සියෙරා සික්ස්’ යළිත් සංග්‍රාමයට පිවිසෙයි | The Gray Man 02
හොලිවුඩයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් දෙපළක් වන Ryan Gosling සහ Chris Evans ප්‍රධාන චරිත නිරූපණය කළ The Gray Man චිත්‍රපටය නිකුත් වූයේ මීට දින කීපයකට පෙර, එනම් ජූලි මස 22 වනදායි. සිනමා ශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් එය අන්තර්ජාලයට නිකුත් වුනේ ලොව ප්‍රමුඛතම OTT ප්ලැට්ෆෝමයක් වන Netflix හරහායි.
එහි ප්‍රදර්ශනය ඇරඹුනේ බොහොම මෑතකදී වුණත්, මෙම කෙටි කාල සීමාව ඇතුළත අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නට The Gray Man සිනමාපටය සමත් වී තිබෙනවා. එදා මෙදා’තුර Netflix ඉතිහාසයේ පළමු සතිය තුළ “පස්වන වැඩිම නැරඹුම්වාර ප්‍රමාණය හිමි චිත්‍රපටය” බවට පත් වන්නට ද ඊට හැකියාව ලැබුනා. එමෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 200ක නිෂ්පාදන පිරිවැයක් සහිතව මෙතෙක් වැඩිම පිරිවැයක් වියදම් කළ Netflix චිත්‍රපටය වන්නේ ද මෙයයි.
පළමු දින තුළ පැය මිලියන 88ක (88.5 Million hours) වාර්තාගත නැරඹුම් කාලයක් ලබා ගත් The Gray Man චිත්‍රපටය, රටවල් 90කට ආසන්න ප්‍රමාණයක most watched Netflix නිර්මාණය බවටද පත්ව තිබුනා. මෙම සාර්ථකත්වය හමුවේ හොලිවුඩ් රසිකයින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ පරිදිම, The Gray Man කතා සංකල්පයේ ම තවත් දිගුවක් නිෂ්පාදනය කිරීමටයි Netflix ආයතනයෙන් දැන් තීරණය කර තිබෙන්නේ…
Netflix Originals හි ප්‍රධානියා වන Scott Stuber සම්බන්ධ වූ සාකච්ඡාවකදී මෙය නිල වශයෙන්ම තහවුරු කළා.
එසේ නිෂ්පාදනය වන්නේ Gray Man (2022) හි Sequel චිත්‍රපටයක් වන අතර එළඹෙන වසර මුල් භාගයේදී එහි pre – production කටයුතු ආරම්භ කිරීමට ද නියමිතයි.
නමුත් ඊට අමතරව, නිෂ්පාදනය වන තෙවන Gray Man නිර්මාණයක් ගැන පිළිගත් හොලිවුඩ් මූලාශ්‍ර ගණනාවකින් ම විස්තර අණාවරණය වී තිබෙනවා. Netflix ආයතනයෙන් නිල තහවුරු කිරීමක් ලැබී නැතත් මෙම තුන්වන නිර්මාණය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙන බවටයි ඔවුන් පවසන්නේ. නමුත් මෙය චිත්‍රපටයක්ද නැතිනම් වෙබ් කතාමාලාවක්ද යන්න තවමත් දැන ගන්නට ලැබෙන්නේ නැහැ.
පළමු චිත්‍රපටයෙන් නොදුටු, නමුත් Gray Man කතාවට සම්බන්ධ වෙනත් චරිතයක් ප්‍රධාන කර ගත් Spin-off නිර්මාණයක් වන මෙහි තිර පිටපත පවා රචනා කිරීමට භාර දී ඇති බවත් වාර්තා වනවා.
මෙම ඉදිරි නිර්මාණ ද්විත්වය අතුරින් මුල් නිර්මාණය වන Sequel චිත්‍රපටය සුපුරුදු පරිදිම Ryan Gosling සහ Chris Evansගේ ප්‍රධාන රංගනයෙන් සමන්විත වනවා. පළමු චිත්‍රපටය අවසානයෙන් පසු සිදු වන සිද්ධීන් මාලාවක් වටා ගෙතෙන මෙය Ryan Gosling නිරූපණය කළ “සියෙරා සික්ස්” චරිතයට වැඩි නැඹුරුවක් දක්වමින් නිෂ්පාදනය වීමට නියමිතයි.
එය අධ්‍යක්ෂණයට භාර දී තිබෙන්නේ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Anthony Russo – Joe Russo හෙවත් Russo Brothers අධ්‍යක්ෂක දෙපළටමයි. Avengers: Infinity War, Avengers: End Game වැනි දැවැන්ත චිත්‍රපට නිර්මාණය කළ ඔවුන් දෙදෙනා දැනටමත් මෙහි තිර පිටපත ගැන සැලසුම් ආරම්භ කර තිබෙනවා. නමුත් බොහෝ විචාරකයින් පවසන්නේ පළමු චිත්‍රපටයට වැය කළ ඩොලර් මිලියන 200ක් වැනි අධික මුදලක් මීට වැය නොකරනු ඇති බවටයි. මේ චිත්‍රපට මාලාව කෙරෙහි රසිකයින්ගේ අවධානය දැනටමත් යොමුව තිබෙන නිසා පෙර චිත්‍රපටය තරම් massive scale නිර්මාණයක් යළිත් නිෂ්පාදනය නොවෙනු ඇතැයි ඔවුන් ඉඟි පළ කරනවා.
Ryan Gosling සහ Chris Evansට අමතරව පළමු චිත්‍රපටයේ සිටි Ana De Armas, Jessica Henwick, Deobia Oparei වැනි රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු මේ තුළින් නැවතත් දැක ගැනීමට ඉඩ තිබෙනවා. පළමු චිත්‍රපටයේ සිටි චරිත බොහෝමයකට නිසි අවසානයක් ලබා නොදුන් නිසා දෙවන හා තෙවන චිත්‍රපට හරහා ඔවුන් පිළිබඳ වැඩි විස්තරයක් දැන ගැනීමට රසිකයින්ට හැකියාව ලැබේවි.
Netflix අභ්‍යන්තර ආරංචි මාර්ග තුළින් ලැබුනු තොරතුරු අනුව බොහෝමයක් හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ මෙම The Gray Man චිත්‍රපට මාලාව, සිනමා විශ්වයක් ලෙසින් වැඩි දියුණු කිරීමට නිෂ්පාදකයින් විසින් සූදානම් බවයි. එසේ වුවහොත් එය Netflix හි පළමු Spy Cinematic Universeය බවට පත්වනවා.
පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාකවදී ප්‍රධාන චරිතයට රඟපෑ Ryan Gosling ප්‍රකාශ කළේ, ආරාධනාවක් ලැබුනහොත් මෙම චරිතය යළි නිරූපණය කිරීමට ඔහු බොහොම කැමැත්තෙන් සිටින බවයි.
මෙම Sequel චිත්‍රපටයට අමතරව නිෂ්පාදන කටයුතු ඇරඹි සෙසු spin – off නිර්මාණය පිළිබඳව නම් එතරම් තොරතුරු අණාවරණය වී නැහැ. නමුත් එය ප්‍රධාන නලුවන් දෙදෙනාගෙන් බාහිර වෙනත් චරිතයක් වටා නිර්මාණය වන බවටයි දැනගන්නට ලැබෙන්නේ.
ඇතැම්විට, එය ඉන්දියානු නලු Dhanush රඟපෑ Avik Senගේ චරිතය වටා ගොඩ නැගෙන්නක් ද විය හැකියි. නමුත් එහි නිල නිවේදනයක් තවමත් නිකුත් වී නැහැ. Avengers සහ Extraction චිත්‍රපට මාලාව හරහා දැනටමත් ඉන්දියානු රසිකාගාරයට සමීප වී සිටින Russo Brothers අධ්‍යක්ෂක දෙපළ වරෙක මේ පිළිබඳව යම් ඉඟියකුත් පළ කළා. Dhanush රඟන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවට කිහිප වතාවකදීම ප්‍රකාශ වූ නිසා, මෙම Spin off චිත්‍රපටය තුළ ඇතැම්විට ඔහුට වැඩි දර්ශන කාලයක් ලබා දීමේ ඉඩකඩ පවතිනවා.
“We have kept our opinions open to where Dhanush’s character goes from here in The Gray Man.
We can’t reveal anything right now.”
මෙම Spin off නිර්මාණයේ තිර පිටපත පවා මේ වනවිට රචනා කරමින් තිබෙන බවට හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් පවසන අන්දමට එය භාර දී තිබෙන්නේ Dwadpool, Zombieland වැනි ජනප්‍රිය චිත්‍රපට රචනා කළ Rhett Reese සහ Paul Wernickටයි.
කෙසේ වුවත් මෙම සියලුම සිනමාපටවලට පාදක වී තිබෙන්නේ Mark Greaney විසින් රචිත ග්‍රන්ථ මාලාවකුයි. එනිසා පළමු චිත්‍රපටය මෙන්ම ඉදිරි නිර්මාණ ද්විත්වය රචනා වන්නේත් ඔහුගේ ග්‍රන්ථවල ඇතුළත් සිද්ධි දාමයක් පාදක කරගෙනයි.
බොහෝවිට, මෙයින් පළමු Sequel චිත්‍රපටය 2024-2025 වනවිට නිකුත් වෙතැයි අපේක්ෂා කළ හැකි අතර සෙසු Spin off නිර්මාණය එයින් පසුව මුදා හැරීමට ඉඩකඩ පවතිනවා.
Written by Kavinu Weerakkody