හේමාල් මහසෝනා යක්ෂ වෙස් ගනී! රිටිගල ජයසේන ළඟදීම තිරයට!

Avatar Kavinu Weerakkody | August 26, 2026 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

හේමාල් රණසිංහ ප්‍රධාන රංගනයෙන් එක්වන, “රිටිගල ජයසේන සහ සැඟවුනු නගරය” චිත්‍රපටයේ අලුත්ම පූර්ව ප්‍රචාරක පටය දැන් නිකුත් වී තිබෙනවා.

රිටිගල ජයසේන සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය, අග්නිදාහය, සමනල සංධ්වනිය ඇතුලු සම්මානනීය නිර්මාණ රැසක් ඔබ වෙත ගෙනා ජයන්ත චන්ද්‍රසිරි විසිනි.

හේමාල් රණසිංහ සමඟින් තුමිඳු දොඩන්තැන්න, පබෝදා සංදීපනී, උමා අසේනි, කාන්චනා මෙන්ඩිස් ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

මධුනි අලහකෝන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරියයි. චිත්‍රපටය නිෂ්පාදනය නිමල් දියුනුගල – රසිත ජිනසේන සහ සුජීව නිවුන්ඇල්ල විසිනි.

රිටිගල ජයසේන සිනමාපටය ළඟදීම දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීමට නියමිතයි.

 

Share

64 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.