හොලිවුඩ් රසිකයින්ට මාර්තු මාසයේ BLOODSHOT

Avatar Nisanka Weheraduwa | March 2, 2020 162 Views 0 Likes 0 Ratings

162 Views 0 Ratings Rate it

හොලිවුඩ් සිනමාවට කැමති සිනමා රසිකයින් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. අලුතින් නිර්මාණය වන හොලිවුඩ් චිත්‍රපට නරඹන්න මේ අයට ලොකු උනන්දුවක් තියෙනවා. ඒ නිසා, cinema.lk ඔස්සේ අලුත්ම චිත්‍රපට ගැන තොරතුරු අපි ඔබට ගෙන එනවා. ක්‍රියාදාම චිත්‍රපට බලන්න වැඩි කැමැත්තක් දක්වන අයටයි මේ ආරංචිය.

මාර්තු මාසේ 13 වැනිදා තිරගත වීමට නියමිත අලුත්ම චිත්‍රපටය. මේ ගැන ඔබ මේ වනවිටත් දන්නවා ඇති. සමහර විට Trailer එක බලලත් ඇති. කොහොම උනත් ඒ චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් මේ. චිත්‍රපටයේ නම Bloodshot. මේක අධ්‍යක්ෂණය කරන්නේ Dave Wilson. චිත්‍රපටයට තිර රචනය සිදුකලේ Jeff Wadlow සහ Eric Heissere විසින්. මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා Vin Diesel. ඒ වගේම Sam Heughan, Eiza Gonalez, Toby Kebbell ඇතුළු නළු නිළි පිරිසක් චිත්‍රපටයේ රඟපානවා.

ඇමරිකානු ඩොලර් මිලියන 49ක් මේ චිත්‍රපටය වෙනුවෙන් වැයකළ බව සඳහන් වනවා. 2017 වසරේ තමයි චිත්‍රපටයේ මූලික වැඩකටයුතු පටන් ගැනෙන්නේ. 2018 අගෝස්තු මාසෙදි චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ වෙන්නේ දකුණු අප්‍රිකාවේදී. මාස දෙකක කාලයක් පුරා Cape Town, Prague, Czech Republic, Budapest – Hungary ප්‍රදේශ වල රූගත කිරීම් සිදු කළා. 2019 වසරේ ඔක්තෝබර් මාසේ චිත්‍රපටයේ ප්‍රචාරක පටය නිකුත් කෙරුනා. මාර්තු මාසේ 13 වැනිදා ලොව පුරා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ වනවා. ලංකාවේ හොලිවුඩ් සිනමා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් Bloodshot ලංකාවේදීත් තිරගත කෙරෙනවා.

Share

162 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.