අමිතාබ් සහ අභිෂේක් බච්චන්ට කොරෝනා වැළඳෙයි.

Avatar Nisanka Weheraduwa | July 12, 2020 176 Views 0 Likes 0 Ratings

176 Views 0 Ratings Rate it

සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොරෝන වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. මේ පුවත සනාත කරමින් ඔවුන් දෙදෙනාම සිය twitter ගිණුම් වල පණිවිඩ යොදා තිබුනා.

මේ වනවිට දෙදෙනාම රෝහල්ගත කොට ප්‍රතිකාර ලබාදෙන බව විදෙස් පුවත් වාර්තා කරනවා. තමාට “අවම මට්ටමේ රෝග ලක්ෂණ” පෙන්නුම් කළ බව අභිෂේක් බච්චන් පවසා තිබුනා.

කෙසේ නමුත් මේ දෙදනා රෝහල්ගත කොට ඇති අතර පවුලේ අනිකුත් සාමාජිකයින්, ඔවුන්ගේ සේවකයින් සහ ඔවුන් සමග කටයුතු කරන අනික් පුද්ගලයින්ද නිරෝධායනය කොට අදාළ පරීක්ෂාවන් සිදුකෙරෙන බව සඳහන් වනවා.

Share

176 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.