ඉගෙනගෙන රඟපාන්න – රඟපාලා ඉගෙනගන්න

Avatar Nisanka Weheraduwa | July 7, 2020 142 Views 1 Like 0 Ratings

142 Views 0 Ratings Rate it

ඉගෙනගෙන රඟපාන්න- රඟපාලා ඉගෙනගන්න තෙම කරගත් රංගන වැඩමුළුවක් පිලිබඳ තොරතුරක් මේ. ප්‍රවීණ නාට්‍යවේදී සහ රංගන ශිල්පී ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මෙහෙයවන තෙදින රංගන වැඩමුළුව ජූලි මාසයේදී පැවැත්වීමට සූදානම්. වේදිකාව සහ කැමරාව සඳහා රංගනය පිලිබඳ විෂයානුබද්ධ දැනුම සහිත මේ වැඩමුළුව ජූලි මස 17, 18 සහ 19 යන තෙදින කොළඹ බස්නාහිර පළාත් සෞනදර්ය නිකේතනයේදී පැවැත්වෙනවා. තෙදිනම උදේ 9 සිට සවස 5.30 දක්වා පැවැත්වෙන මේ වැඩමුළුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පුහුණු වැඩසටහනක්.

රංගනය විධිමත්ව ඉගෙන ගැනීමට, පුහුණුවක් ලබාගැනීමට ඔබ අපේක්ෂා කරනවා නම්, මේ ඒ සඳහා හොඳ ප්‍රවේශයක් විය හැකියි. වැඩමුළුව පිලිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0717303779 අංකයෙන් සමරක්කොඩි හෝ 0715899995 අංකයෙන් චාමර අමතන ලෙසත් සංවිධායකයින් දන්වා සිටිනවා. එහෙමත් නැතිනම් ඔබේ පෞද්ගලික තොරතුරු සහ රංගනය ආශ්‍රිත තොරතුරු ඇතුළත් කොට pahuraworkshop20@yahoo.com යන ඊමේල් ලිපිනයට ලියන්නත් ඔබට පුළුවන්.

Share

142 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.