ඇන්ජලා සහ තිස්ස පළමුවරට එකට රංගනයේ

Avatar Cinema.lk A | July 5, 2012 85 Views 0 Likes 0 Ratings

85 Views 0 Ratings Rate it

පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්න සහ තිස්ස විජේසුරේන්ද්‍ර පළමුවරට එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට නාලක විතානගේ සූදානම් වෙයි. නාලක ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ ගේ පුත්‍රයා වේ.

‘රූපාන්තරණ’ නම් වූ එය පර්යේෂණාත්මක චිත්‍රපටයකි.

ළඟදීම රූගත කිරීම් ඇරැඹෙන මෙහි තිස්ස, ඇන්ජලා යුවළට අමතරව රවීන්ද්‍ර රන්දෙණිය, අංජුලා රාජපක්ෂ සහ අයේෂා දිසානායක දැනට රංගනය සඳහා තෝරා ගෙන ඇත. පී. බාලසූරිය කැමරා අධ්‍යක්ෂවරයාය. නිවුටන් ගුණසේකර සහය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. නිමල් රාජපක්ෂ අංග රචනා ශිල්පියා වේ. කලා අධ්‍යක්ෂණයෙන් රෝහණ හේවාවිතාරණ, සංස්කරණයෙන් ඒෂාන් මොටාගෙදර, සංගීත නිමැවුමෙන් මලික් පෙරේරා ද ‘රූපාන්තරණ’ හැඩ කිරීමට දායකත්වය සපයති.

මෙම සිනමා සිතුවම සමඟින් නව පරපුරේ කිහිප දෙනකුව රිදී තිරයට කැඳවා ඒම නාලක බලාපොරොත්තුවකි. රූපාන්තරණ හි සංකල්පය සහ පිටපත නාලකගෙනි. මෙය ඔහුගේ දෙවැනි සිනමා කෘතිය වන අතර පළමුවැන්න වූ අනිත්‍යා තව නොබෝ දිනකින් රිත්මා මණ්ඩලයේ තිරගත වනු ඇත.

Share

85 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.