ඉලේකාගේ “Nasty Woman” ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකට
ඉලේකා රුවන්පතිරණ නිර්මාණය කළ Nasty Woman වාර්තා චිත්‍රපටය Mustard Seed චිත්‍රපට උළෙල සඳහා තේරී තිබෙනවා. පෙන්සිල්වේනියාවේ Philadelphia නුවර වාර්ෂිකව පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටයි. ඔක්තෝබර් 02 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවැත්වෙන මේ සිනමා උළෙල Philadelphia හි පැවැත්වෙන ප්‍රථම සහ එකම දකුණු ආසියාතික සිනමා උළෙල වනවා. මීට පෙර විසාකේස් චන්ද්‍රෙස්කරම් අධ්‍යක්ෂණය කළ සයපෙති කුසුම චිත්‍රපටය මේ උළෙලේ තිරගත කෙරුණු අතර එහි තිරගත වන දෙවන ශ්‍රී ලාංකික චිත්‍රපටය Nasty Woman වනවා.
සංක්‍රාන්ති ලිංගික පුද්ගල චරිතයක් වටා නිර්මාණය වුණු මෙම වාර්තා චිත්‍රපටයට සංක්‍රාන්ති ලිංගික සමාජභාවය සහ එවැනි පුද්ගලයින් පොදු සමාජය තුළ ජීවත් වීමේදී මුහුණ දෙන අභියෝග ඇතුළු කාරණා රැසක් වස්තු විශය වී තිබෙනවා. මෙම වාර්තා චිත්‍රපටයට භූමි හරේන්ද්‍රන් නම් පුද්ගල චරිතය ප්‍රධාන වශයෙන් දායක කොටගෙන තිබෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර චිත්‍රපට උළෙල කිහිපයක් නියෝජනය කිරීමට Nasty Woman චිත්‍රපටය සමත් වුනා.
01 Guwahati Film Festival
02 Out and Loud Pune International Queer Film Festival
03 Darbhanga International Film Festival
මේ අතුරින් Darbhanga International Film Festival හිදී හොඳම සංස්කරණයට හිමි සම්මානය දිනා ගැනීමට මෙම වාර්තා චිත්‍රපටයට හැකිවුනා.
අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය – ඉලේකා රුවන්පතිරණ
පිටපත – ඉලේකා රුවන්පතිරණ / ඉරන්ති අබේසිංහ
සහය අධ්‍යක්ෂණය – ජාලිය රොෂාන්
කැමරාකරණය – රජිත නුවන් / ගයාන් මධුශංක/ සුරංග ලක්මාල්/ සී. ජේ/ අනුජ දයාරත්න
පසු කථනය – ධම්මක බණ්ඩාර හේරත්
සංස්කරණය – ට්‍රිලන් ශාස්ත්‍රී ගනේෂන්
නිෂ්පාදන කළමනාකරණය – රංග අමරසිංහ
දර්ශනතල කළමනාකරණය – ඉෂාන් ඉක්බාල්
ශබ්ද පටිගත කිරීම – අමිල නුවන් මධුෂංක
විවිධ සහය – ගීතිකා හංසනී

Written by Nisanka Weheraduwa
