“ඔබ ලඟ ඉන්න මගෙ වාසනා” – රිදී තිරයේ කේමදාස සළකුණ

Avatar Nisanka Weheraduwa | October 18, 2017 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

ආචාර්ය කේමදාස සංගීත නිර්මාණය කළ සිනමාපට සියල්ලම පාහේ ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය වුනා. සංගීත ක්ෂේත්‍රය තුළ පෙරළි කළ ආචාර්ය කේමදාසයන් ඕනෑම වර්ගයක රසඥතාවක් සහිත රසිකයින්ට ආමන්ත්‍රණය කිරීමේ අපූරු හැකියාවකින් යුතු වුනා. ඔහුගේ රසාලිප්ත සංගීත නිර්මාණයන් සහිත සිනමාපට හතක් ප්‍රදර්ශනය කෙරෙන “සිනමාවිල කැළඹූ ගාන්ධර්වාණෝ” සිනමා උළෙල 20 වැනිදා සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී පැවැත්වෙනවා.

වාසනා – 1976
වාසනා සිනමාපටය මෙරට සිනමා ක්ෂේත්‍රයේ තවත් නොමැකෙන මතකයන් ඉතිරි කළ නිර්මාණයක්. කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්ෂණය කළ වාසනා සිනමාපටයට එවකට අතිශය ජනප්‍රිය තරු රැසක් රංගනයෙන් දායක වුනා. මාලනී ෆොන්සේකා, විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළා. ආචාර්ය කේමදාසයන්ගේ මියුරු සංගීත නිර්මාණ සහිත ගීත කිහිපයක් මේ සිනමාපටයට ඇතුළත් වුනා. “ඔබ ලඟ ඉන්න මගෙ වාසනා” ගීතය ඒ අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගත්තා. “වාසනා” සිනමාපටය මෙවර සිනමා උළෙලේදී නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වනවා.

 

Share

99 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.