කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ට දෙරණ අතහිත
පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වනවිට සියල්ල සුදානම්. ඔක්තෝබර් 06 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන සිනමා සම්මාන උළෙලට සමගාමිව විශේෂාංග රැසක් සංවිධාන වෙනවා. හෙට දවසේ සිනමාව (Cinema of Tomorrow) අංශය යටතේ නවක නිර්මාණකරුවන් පස් දෙනෙකුගේ සිනමාපට තෝරාගෙන මහජන ප්‍රදර්ශන පැවැත්වීම සහ ජූරියේ නිර්දේශ මත ඉන් හොඳම චිත්‍රපටය සඳහා සම්මාන පිරිනැමීම ඉන් එක විශේෂාංගයක්. ඊට අමතරව ලෝක සිනමාව තුල ජනප්‍රිය නමුත් මෙරට සිනමාව තුළ එතරම් ජනප්‍රිය නොවුණු “කෙටි චිත්‍රපට” කාණ්ඩය සඳහා ඇගයීම් සිදුකිරීමටත් දෙරණ කටයුතු කොට තිබෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් සැදුනු ජුරිය මේ වනවිට ඇගයීම් කටයුතු සිදු කරමින් පවතිනවා. කෙටි චිත්‍රපට තරග අංශය සඳහා ඉදිරිපත් වුනු අයදුම්පත් අතුරින් තෝරාගත් කෙටි චිත්‍රපට 31ක් ජූරියේ ඇගයීම් සඳහා ඉදිරිපත්ව තිබෙනවා. ඒ අතුරින් ජයග්‍රහණය කරන කෙටි චිත්‍රපට නිර්මාණකරුව පස්වැනි දෙරණ සිනමා සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර වනවා.
කෙටි චිත්‍රපට අංශයෙන් තරගවදින නිර්මාණ
- දමිත් පිටවල – Forbidden Dreams
- ගවින්ද පලගොල්ල – Goody Goody, End of the Apple Era
- ධනංජය බණ්ඩාර – Song of the Innocent
- ලහිරු ලක්රුව – I am Artist
- මාධව තිරිමාන්න – ELI, Mother, Dark
- රුමේෂ් හෙට්ටිආරච්චි – Blur
- ශමිනා තිරිමාන්න – Alone
- හිලුෂ හේවාගම – 12:21:21
- තරිඳු ජයරත්න – Phoenix
- සුරින් මෙන්ඩිස් – 1:75 , The Other
- දිනුෂ උදයංග – Francics, IISSA
- ට්‍රිලන් ශාස්ත්‍රී ගනේෂන් – The Visitor
- ධනංජය මධුකල්ප – The Gray Space, After Frame
- ජනාදර සමරදිවාකර – Until Hear for Me
- ගයාන් චතුරංග – Repentance
- සංජය එක්නැලිගොඩ – Till the Train Ends, Ones upon a time in Paradise
- නිපුර ඕෂධ – Dispersion of White Light, Taxi 404
- චිරාත් ද සිල්වා – White Light, Shadow in the Dark
- ප්‍රමිලා සමරකෝන් – Out Sider
- හසුන් සමීර – Screwjack
- ලංකා බණ්ඩාරනායක – Tradition
කෙටි චිත්‍රපට තරගය සඳහා ඉදිරිපත් කළ නිර්මාණ අතුරින් ජූරියේ නිර්දේශ අනුව හොඳම නිර්මාණයට හිමි සම්මාන ප්‍රධානය කිරීම දෙරණ සිනමා සම්මාන රාත්‍රියේදී සිදුවනවා.
Written by Nisanka Weheraduwa







