Cinema of Tomorrow – දෙවැනි පියවර
දෙරණ සිනමා සම්මාන උළෙල පස්වැනි වරටත් සංවිධාන කෙරෙන බව සිනමාලෝලි ඔබ හොඳින් දැනුවත්. සිනමා උළෙලට සමගාමිව හෙට දවසේ සිනමාව “Cinema of Tomorrow” විශේෂාංගය යටතේ නවක සිනමාකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන සිනමා උළෙලක් සංවිධාන කොට තිබුණා. ඔක්තෝබර් 01 සහ 02 දෙදින තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණු සිනමා උළෙලට ඇති විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් දක්නට ලැබුණා. ශාලාවේ ආසන පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රේක්ෂකයන් විශාල පිරිසකට ආපසු හැරෙන්නටත් සිදුවුනා. කෙසේ නමුත් හෙට දවසේ සිනමාව විශේෂාංගය ප්‍රේක්ෂකයින් වගේම නිර්මාණකරුවන්ටත් විශේෂ අවස්තාවක් වුනා. දෙරණ සිනමා සම්මාන උළෙල සහ හෙට දවසේ සිනමාව විශේෂාංගය පිළිබඳව ඔවුන් තුල තිබුනේ ප්‍රසාදයක්.
දෙවැනි දිනයේදී සවස 4.00 ට දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ “බව තරණ” චිත්‍රපටය සහ සවස 7.00ට ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ Demons in Paradise වාර්තා චිත්‍රපටයත් ප්‍රදර්ශනය කෙරුනා. සිනමාපට නැරඹීමෙන් පසුව සිනමාපටයේ නිර්මාණ කරුවාට සහ සහභාගී වුනු ශිල්පීන්ට ප්‍රේක්ෂකයන් හමුවේ අදහස් දැක්වීමට සහ ප්‍රේක්ෂකයින්ට තමාගේ ගැටළු ඔවුන් වෙත ඉදිරිපත් කිරීමටත් හැකිවන පරිදි සිනමා සංවාද මණ්ඩපයක්ද සංවිධාන කොට තිබුණා.
Written by Nisanka Weheraduwa





























