දෙරණ සිනමා සම්මාන – අවසන් තීරණය ජූරිය සතුයි
පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 06 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම්ව තිබේ. 2016 වර්ෂයේ තිරගත වී අවසන් කෙරුණු චිත්‍රපට 23ක් මේ වසරේ සිනමා සම්මාන සඳහා සලකා බැලීමට නියමිතය. ඇගයීම් කටයුතු සඳහා සහභාගි වන ප්‍රවීණ ශිල්පීන්ගෙන් සමන්විත ජූරිය මේ වනවිට චිත්‍රපට නරඹා සිය ඇගයීම් සංවිදායකයින් වෙත ලබාදී ඇතැයි සඳහන්. සිනමාවට සම්බන්ද වන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජූරිය තෝරා ගැනීමට සංවිදායකයින් තීරණය කොට තිබේ. නිර්මාණකරුවන්ට නිසි ඇගයීම ලබාදීම සඳහා එම තෝරාගැනීම සිදුකළ බව සංවිදායකයින් පවසා ඇත.
යශෝධා විමලධර්ම – සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය සඳහා දශක දෙකකට අදික කාලයක් තිස්සේ රංගනයෙන් දායක වන ප්‍රවීණ රංගන ශිල්පිනියකි. කීප වතාවක්ම සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ඇය මීට පෙර කිහිප වරක්ම සිනමා සම්මාන උළෙල ජූරිය නියෝජනය කොට තිබෙ.ශ්‍රි ලාන්කික සිනමාපට රැසක මෙන්ම ටෙලි නිර්මාන රැසකට රංගන දායකත්වය ලබාදුන් ඇය, විදෙස් සිනමාපට ගනනාවකටද සිය රංගන දායකත්වය ලබාදී තිබේ. ප්‍රංශ චිත්‍රපටයක් වූ The Prince of Woman, ඉංග්‍රීසි චිත්‍රපටයක් වූ In the name of god’s poor, ගුරු නම්වූ මලයාලම් චිත්‍රපටයත්, ඉතාලි චිත්‍රපටයක් වූ Iqbal, සහ පකිස්තාන් නිර්මාණයක් වූ Return to Bangalore සිනමාපටයත් මේ අතරින් විශේෂ වෙයි. විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ නිර්මාණයන්ට දායකවී ඇති ඇය, සිනමාව පිළිබඳ අත්දැකීම් බහුල ශිල්පිනියක්ද වෙයි. මෙවර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජූරි සාමාජිකාවක ලෙස ඇය කටයුතු කරයි.
ඈෂ්ලි රත්නවිභූෂණ – සිනමා විචාරකයෙක් ලෙස ලාංකීය සිනමාවට දශක ගණනාවක් තිස්සේ සිය දායකත්වය ලබාදෙන ඈෂ්ලි රත්නවිභූෂන සිනමාව පිළිබඳ ග්‍රන්ථ කතුවරයෙක්ද වෙයි. සිනමා උළෙල බොහෝ ප්‍රමාණයක වැඩසටහන් සම්පාදක ලෙසද කටයුතු කොට අත්දැකීම් බහුල පුද්ගලයෙක් වන ඔහු දේශීය විදේශීය සිනමා උළෙල බොහෝ ප්‍රමාණයක ජූරි සාමාජිකයකු ලෙසද කටයුතු කොට අත්දැකීම් බහුල පුද්ගලයෙක් වේ. සරසවි, සිග්නීස්, OCIC ඇතුළු දේශීය සිනමා උළෙල මෙන්ම අන්තර්ජාතිකව ප්‍රචලිත බූසාන්, ලොකර්නෝ, ටෝකියෝ, සිනමාලයා වැනි සිනමා උළෙලහි ජූරි සාමාජිකයකු ලෙස කටයුතු කොට තිබේ. මෙවර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජූරි සාමාජිකයකු ලෙස ඈෂ්ලි රත්නවිභූෂණද සම්බන්දව සිටී.
ඉන්දික ෆර්ඩිනැන්ඩෝ – සිනමා අධ්‍යක්ෂවරයෙක්, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් සහ රංගවේදියෙක් ලෙස කාලයක් තිස්සේ ක්ෂේත්‍රය නියෝජනය කරන්නෙකි. වේදිකාවට කලම්බෝ කලම්බෝ නිර්මාණය කරමින් ප්‍රෙක්ෂක ආදරය දිනාගත් හෙතෙම, සිනමාවට හෝ ගානා පොකුණ නිර්මාණය කරමින් අතිශය ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර විය. වේදිකා සහ සිනමා රංගන ශිල්පියෙක් ලෙසද කටයුතු කරන ඉන්දික ෆෙර්ඩිනැන්ඩෝ මෙවර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උලෙලේ ජූරි සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.
බූඩි කීර්තිසේන – මිල්ලෙ සොයා සිනමා පටයත් සමග ප්‍රෙක්ෂක ආදරය දිනාගත් බූඩි කීර්තිසේන සිනමාව පිළිබඳ පුලුල් හැදෑරීමක් සහිතව සිනමාකරණයේ යෙදෙන සිනමා අද්‍යක්ෂවරයෙකි. සිනමාව, රූපවාහිනිය යන අංශ දෙක සඳහාම නිර්මාණකරණයෙන් ඔහු දායක වී තිබේ. 20013/2014 වර්ෂ්යේ “නිම්නයක හුදෙකලාව” සිනමාපටය Iphone5 ජංගම දුරකථනයක් මගින් රූගත කරමින් හෙතෙම සිනමාවට නව අත්දැකීමක් කළේය. 2006 වසරේ Vanishing Paradise වාර්තා චිත්‍රපටය නිර්මාණය කරමින් බූඩි කීර්තිසේන වාර්තා චිත්‍රපටකරණයට නව මානයක් විවර කොට තිබිණි. මෙවර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජූරි සාමාජිකයකු ලෙස බූඩි කීර්තිසේන කටයුතු කරයි.
අනුරුද්ධ ජයසිංහ – සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක්වරයෙක් මෙන්ම පිටපත් රචකයෙක් ලෙසද දශක දෙකකට අදික කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳී සිටින සම්මානනීය නිර්මාණකරුවෙකි. ටෙලි නිර්මාණ රැසක තිර පිටපත් රචකයා සහ අද්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ ජයසිංහ, දහස් ගව්දුර, ධවල කන්‍යා සහ මායා රූ ටෙලිනාට්‍ය සඳහා හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය. අභිසමය, මීදුම, මායා රංග, සහ යකඩ පහන්තිර ටෙලිනාට්‍ය අනුරුද්ධ ජයසිංහගේ අනිකුත් නිර්මාණ වෙයි. සිනමා අධ්‍යක්ෂණයෙන්ද සම්මානයට පාත්වූ අධ්‍යක්ෂවරයෙක් වන ඔහු නිර්මාණය කළ සංක්‍රාන්ති සිනමාපටය ඉන්දියාවේ ගෝවා අන්තර්ජාතික සිනමා උළෙලේ ජාත්‍යන්තර සිනමාපට අංශය නියෝජනය කොට තිබේ. 2007 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ ධවල දූවිලි චිත්‍රපටය ඉන්දියාවේ පූනේ සිනමා උලෙල, කල්කටා සිනමා උළෙල සහ දිල්ලි සිනමා උළෙලද නියෝජනය කොට තිබේ. OCIC සිනමා සම්මන උලෙලේදී හොඳම තිරරචකයා ලෙස සම්මානයට පාත්‍ර වීමට ඔහු නිර්මාණය කළ බෝම්බ සහ රෝස චිත්‍රපටය සමත්විය. රෝහණ විජේවීර චරිතය අල්ලා සකස් කෙරෙන ගින්නෙන් උපන් සීතල ඔහුගේ නවතම සිනමාපටය වෙයි. මෙවර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජූරි සාමාජිකයකු ලෙස අනුරුද්ධ ජයසිංහද කටයුතු කරයි.
දෙරණ සිනමා සම්මාන උළෙල මෙවරත් විශිෂ්ට නිර්මාණකරුවන් ඇගයීම උදෙසාම පැවැත්වෙන හෙයින් ප්‍රවීණ සුදුසුකම් ලත් ජූරියක් ඇගයීම් සඳහා යොදාගෙන තිබේ. ඔවුන්ගේ නිර්දෙශ මත අභිෂේක ලබන විශිෂ්ටයින් කවුදැයි දැනගැනීමට එලඹෙන 06 වැනිදා සිනමාලෝලීන්ට අවස්ථාව හිමිවේ.
Written by Nisanka Weheraduwa





