කොස්තාපල් පුඤ්ඤසෝම

Avatar Cinema.lk A | July 11, 2012 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

කොස්‌තාපල් පුඤ්ඤසෝම (මහේන්ද්‍ර පෙරේරා) අවංකු පොලිස්‌ නිලධාරියෙකි. සාජන් වික්‍රමපාල (ගාමිණි හෙට්‌ටිආරච්චි) ඔහුගේ හොඳම මිතුරාය. පණ්‌ඩිතරත්න මහතා (ශ්‍රියන්ත මෙන්ඩිස්‌) ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියා ය. පොලිස්‌ ස්‌ථානය තුළ සේවය කිරීමේදී නොයෙකුත් ගැටුම් අවස්‌ථාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදුවෙයි. කොස්‌තාපල් පුඤ්ඤසෝමගේ බිරිඳ වන චම්පා (දුලිකා මාරපන) නිවසේ ගෙවන්නේ අසහනකාරි දිවි පෙවෙතකි. තම සැමියා වන කොස්‌තාපල් පුඤ්ඤසෝමගේ උසස්‌වීමක්‌ තුළින් ලැබෙන වැටුප් වැඩිවීමක්‌ පිළිබඳව ඇය නිබඳව බලාපොරොත්තුවෙන් සිටින්නීය.

මොවුන් රාජකාරියේ නිරත වන අතරතුර හොර කල්ලියක්‌ විසින් තරුණියක්‌ පැහැර ගැනීම පිළිබඳව පැමිණිල්ලක්‌ ලැබෙයි. ඇන්ටන් (ශ්‍රීනාත් මද්දුමගේ) නමැති අයෙකුගේ නායකත්වයෙන් යුත් මෙම හොර කල්ලිය ශානිකා (මැණික්‌ විජේවර්ධන) නමැති තරුණිය නිදහස්‌ කිරීමට රුපියල් හැට ලක්‍ෂයක කප්පමක්‌ ඇගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි. මෙම පැහැර ගැනීම හා කප්පම් පිළිබඳ සිද්ධිය ශානිකාගේ හා ඇගේ පෙම්වතා වන ප්‍රශාන් ගේ (විරාජ් ජයසිරි) උපක්‍රමයක්‌ බව කොස්‌තාපල් පුඤ්ඤසෝම හෝ කිසිවකු නොදනී. කප්පම සම්බන්ධයෙන් සිදුවන ව්‍යාජ ගනුදෙනුවේදී කොස්‌තාපල් පුඤ්ඤසෝම ඇතුළු පිරිසට ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ.

මෙලෙස මහේන්ද්‍ර පෙරේරාට වෙනස්ම චරිතයක් බාර දෙමින් ජනප්‍රිය රැල්ලේ සිනමාකරුවකු වන උදයකාන්ත වර්ණසූරිය සිය දහඅට වැනි සිනමා නිර්මාණයෙහි වැඩ කටයුතු ඉකුත් දා ඇරැඹීය. බහුරූ චිත්‍රපට වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ යොහාන් ප්‍රේමරත්න සම නිෂ්පාදකවරුන් වන මෙය උදයකාන්තගේම නිෂ්පාදනයකි.

විදෙස්ගතව සිටින ශ්‍රීනාත් මද්දුමගේ මෙයට දායක වෙමින් කලකට පසු රිදී තිරයට අවතීර්ණ වීම විශේෂත්වයකි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ගාමිණී හෙට්ටිආරච්චි, දුලීකා මාරපන, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, සිසිර කුමාරතුංග, රොනී ලීච්, ආනන්ද අතුකෝරාල, චතුර පෙරේරා, විරාජ් ජයසිරි, මැණික් විජේවර්ධන, ලසන්ත උඩුකුඹුර, ආර්. ජී. සිරිවර්ධන ආදීහු සෙසු චරිත මවති.

More Images

Share

99 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.