කෝරළේ මහත්තයා සුවෙන් – පැතිර යන පුවත අසත්‍යයක්.

Avatar Nisanka Weheraduwa | November 19, 2020 386 Views 0 Likes 0 Ratings

386 Views 0 Ratings Rate it

ප්‍රවීණ වේදිකා, ටෙලි සහ සිනමා රංගවේදියකු, ගුවන්විදුලි හඬ නළුවකු, ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායකයකුද වන විජේරත්න වරකාගොඩ අභාවප්‍රාප්ත වූ බවට මේ වනවිට පැතිරයන පුවත අසත්‍යක් බව තහවුරු වී තිබෙනවා.

අද උදෑසන සිට විවිධ සේයාරූ සමගින් ඔහු මියගිය බවට පුවත් නිර්මාණය කරමින් සමාජ මාධ්‍යයන් තුළ ප්‍රවෘති පළ කෙරුනා. නමුත් මේ සියල්ල සාවද්‍ය බවත්, ඒ මහතා සුපුරුදු සුවෙන් පසුවන බවත් ඔහුගේ පුත්, ජනනාථ වරකාගොඩ විසින් තහවුරු කෙරුණා.

මුවන්පැලැස්සේ කෝරලේ මහත්තයා ලෙස රසික ජනාදරයට පත්වූ ඔහු මේ වනවිට 87වැනි වියේ පසුවනවා.

Share

386 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.