ජෝති රාත්‍රිය ජූලි 07 දා නෙළුම් පොකුණේදී

Avatar Cinema.lk A | July 6, 2012 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

ජනකාන්ත ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන්ගේ 25 වැනි ගුණ සමරුව නිමිත්තෙන් වාර්ෂිකව කලා ලංකා පදනම සංවිධානය කරන ජෝති ගී ප්‍රසංගය මෙවර ‘ජෝති රාත්‍රිය’ නමින් ජූලි 07 සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

ජෝතිමත් ගායක එච්. ආර්. ජෝතිපාලයන් මියගිය 1987 වසරේ සිට ඔහු සමරමින් කලා ලංකා පදනම සංවිධානය කරන උපහාර ගී ප්‍රසංගය මෙවර ‘නෙළුම් පොකුණ’ රඟහලේ පැවැත්වෙන්නේ 25 වැනි වරටයි.

කලා ලංකා පදනමේ වත්මන් සභාපති මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ උපදෙස් පරිදි මෙම ගී ප්‍රසංගයේ සංවිධාන කටයුතු සිදු කරනු ලබන්නේ එම පදනමේ ලේකම්, කොළඹ නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න සහ රංගන ශිල්පී උපසේන සුබසිංහ (පාල) දෙපළ විසිනි.

ජෝති සැමරුම්

ජූලි 07 උදෑසන හීල් දානය මාලිගාවත්ත අබේසිංහාරාමයේ දී.
ජූලි 07 උදෑසන දහයට පුෂ්පෝපහාරය බොරැල්ල කනත්ත, ජෝතිපාල පිළිරුව අසල දී.
ජූලි 07 සවස දෙකට වියළි ආහාර බෙදා දීම ජයනන්ද සීඩී වර්ල්ඩ් අසල දී.
ජූලි 07 සවස හයයි තිහට ජෝති උපහාර ප්‍රසංගය මරදාන ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේ දී.


Share

51 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.