“තුන්දෙනෙක්” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වෙයි

Avatar Nisanka Weheraduwa | July 30, 2018 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් නිෂ්පාදනය කළ “තුන්දෙනෙක් (Her Him and The other) චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් පසුගියදා කොළඹදී පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මෙම චිත්‍රපට දර්ශනය සංවිධාන කොට තිබුනා. රාජ්‍ය නිලධාරින් ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් සඳහා මෙම විශේෂ දර්ශනය සංවිධාන කෙරුනා. චිත්‍රපටයේ නිර්මාණ කරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මෙම දර්ශන වාරය සඳහා සහභාගී වුනා. අසෝක හඳගම සහ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරුන් සමග ප්‍රේක්ෂකාගාරය සුහද සංවාදයක යෙදුනේ චිත්‍රපට දර්ශනයෙන් අනතුරුවයි.

“සිනමාව හරහා, උතුරේ යුද්ධයෙන් පසුව දැනට පවතින තත්වය සහ තවමත් විසඳුම් නොලැබී පවතින ගැටළු පිළිබඳව චිත්‍රපටයක් කරන්න මගේ වගේම සහෝදර සිනමාකරුවන් දෙදෙනාගේමත් බලාපොරොත්තුවක් තිබුනා. මේ නිර්මාණය හරහා සිනමාව රසවිඳිනවා වගේම මේ ගැටළු පිළිබඳව යම් සමාජ අවධානයක් යොමු කරවන්නත් අපට හැකිවුනා කියල අපි විශ්වාස කරනවා” යනුවෙන් මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අසෝක හඳගම ප්‍රකාශ කළා.

අපේ චිත්‍රපටය මගින් යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ජන සමාජය මුහුණ පාන පොදු ගැටළු ගැන සාකච්චා කරන්න උත්සාහ කළා. ප්‍රේක්ෂකයා කවර පසුබිමකින් චිත්‍රපටය නැරඹීමට පැමිණියත්, මෙහි ඇති මානුෂිය සහ සත්‍යවාදී බව නිසාම  ඔවුන්ට එය  අනිවාර්යෙන්ම දැනෙන බව අපි විශ්වාස කරනවා. අපි උතුරු පළාතේ ජිවත් වන ආධුනික සිනමාකරුවන් සමග දෙදින වැඩමුළුවක් පැවැත්වුවා. ඒ අනුව එහි ජිවත් වනා ශිල්පිය දැනුම සහිත පිරිසක් තමා මගේ චිත්‍රපටයට මම යොදාගෙන තියෙන්නෙත්” යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

තුන්දෙනෙක් එක්ව නිර්මාණය කළ “තුන්දෙනෙක්” චිත්‍රපටය ළඟදීම මහජන ප්‍රදර්ශනය සඳහා සුදානම් කොට තිබෙනවා.

 

Share

48 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.