දරුවනේ 50යි,විජය කුවේණි චීනේට

Avatar Cinema.lk A | September 25, 2012 160 Views 0 Likes 0 Ratings

160 Views 0 Ratings Rate it

වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයෙන්ද සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන්ද හැඩවුණු ‘දරුවනේ’ චිත්‍රපටය මේ වන විට අති සාර්ථකව දින පනහ පසු කරමින් සිටී.

ළමුන් පිරිසක් වටා ගෙතුන දරුවනේ චිත්‍රපටයෙහි රංගන දායකත්වය ජනක කුඹුකගේ, ජයලත් මනෝරත්න, දුලීකා මාරපන, නදීකා ගුණසේකර, විශ්වනාත් කොඩිකාර, තිසුරි යුවනිකා, ෂයන් පෙරේරා සහ යොහාන් පෙරේරා විසින් සපයනු ලබයි.

එලෙසම මේ වන විට අති සාර්ථකව දින එකසිය තිහක් පුරා ආරම්භක සිනමාහල් හි තිරගතවන විජය – කුවේණි චිත්‍රපටය චීන බසට හඬ කවා චීනය, සිංගගප්පූරුව, තායිලන්තය, මියන්මාර් ඇතුළු රටවල් ගණනාවක ප්‍රදර්ශනය කිරීමට සූදානම් වන බවත් එහි මූලික වැඩ කටයුතු මේ වන විටත් ඇරැඹී ඇති බවත් මාධ්‍ය වෙත වාර්තා වී ඇත.මේ දිනවල විජය කුවේණි චිත්‍රපටය යුරෝපය සහ මැද පෙරදිග රටවලද ප්‍රදර්ශනය වෙමින් පවති.

Share

160 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.