දහසක් සිතුවිලි සිනමාපටය ඩී. වී. ඩී. තැටියට
එක්දාස් නවසිය හැට නවයේ සරසවිය සම්මාන උළෙල හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හයක් දිනාගත් ජී. ඩී. එල්. පෙරේරාගේ දහසක් සිතුවිලි සිනමාපටයහි ඩී. වී. ඩී. තැටිය දැන් නිකුත් වී තිබේ. 1968 වර්ෂයේ තිරගත වූ මෙය මිනිත්තු 120 ක ධාවන කාලයකින් යුක්තය.
ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, හෙන්රි ජයසේන, දෙනවක හාමිනේ, නිලන්ති විජේසිංහ, චන්ද්‍රා කළුආරච්චි, ධම්ම වන්නිආරච්චි, සුමනා අමරසිංහ, සරෝජනී සුබසිංහ, චම්පා ලියනගේ, ලොනී වීරසිංහ යන නළු නිළි කැළගේ රැඟුමෙන් ඔපවත්වන දහසක් සිතුවිලි කලා පෙළෙහි ඉදිරිපත් කිරීමකි. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ කැමරාව මෙහෙයවා තිබේ.
ජයතිස්ස අලහකෝන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් රස ගැන්වෙන මෙය ගායනයෙන් හැඩගන්වා ඇත්තේ දේවානන්ද වෛද්‍යසේකර, නන්දා මාලිනී සමඟ මල්ලිකා පෙරේරායි. ගී පද රචනයෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ නිමල් වික්‍රමසේකර එක් වී ඇත. එස්. එම්. නිසාර්ගේ සංස්කරණයකි.
දහසක් සිතුවිලිහි තිර පිටපත සහ නිෂ්පාදනය ජී. ඩී. එල්. විසින්මය.
හොඳම නළුවා (හෙන්රි ජයසේන), හොඳම කැමරාකරණය (නිහාල්සිංහ), හොඳම තිර පිටපත (ජී. ඩී. එල්) සහ හොඳම සංස්කරණය (නිසාර්) සරසවිය සම්මාන උළෙලේදී දහසක් සිතුවිලි සිනමාපටය හිමි කරගත් අනෙකුත් සම්මානයන්ය.
Written by Cinema.lk A
