දෙසැම්බර් 01 වැනිදා තෙක් ඉවසන්න

Avatar Nisanka Weheraduwa | October 11, 2017 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

ජනප්‍රිය ඉන්දීය සිනමාකරු සංජය ලීලා බන්සාලි නවතම සිනමා නිර්මාණය වැඩකටයුතු අවසන් කොට ඇති බව පැවසෙනවා. මේ වෙද්දි සිනමාපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීමත් නිකුත් කොට අවසන්. බොහෝ දෙනෙක් මේ සිනමාපටය නැරඹීමට නොඉවසිල්ලෙන් බලා සිටින බව ඉන්දියාවෙන් වගේම වෙනත් රටවලිනුත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම ලාංකික සිනමා රසිකයින් මේ සිනමාපටය ගැන මහත් උනන්දුවෙන් පසුවන බව දැකගත හැකියි. කෙසේ නමුත් එලඹෙන දෙසැම්බර් 01 වැනිදා මේ සිනමාපටය මුදාහැරීමට නිර්මාණකරු සූදානම් වනවා.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට රැගෙන ගියා යැයි ඉතිහාසයේ සඳන් වන “පද්මාවති” බිසවගේ ඉතිහාස කතාව ආශ්‍රයෙන් මේ දැවැන්ත සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. එහි ඇඳුම් නිර්මාණය, පසුතල, VFX, සංගීතය, ආදී සියල්ල ඉතා සූක්ෂමව නිමවා තිබෙන බව සඳහන්. දීපිකා පදුකෝන්, ශහීඩ් කපූර් සහ රන්වීර් සිං මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. රානි පද්මාවතී කතා වස්තුව සිනමාපටයකින් නරඹන්න ඔබට දෙසැම්බර් පළමුවැනිදා අවස්ථාව හිමි වෙනවා.

 

Share

74 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.