මෙවර OSCAR සම්මාන උළෙලේ සම්මාන ත්‍රිත්වයකට Get Out චිත්‍රපටය නිර්දේශ වෙයි

Avatar Nisanka Weheraduwa | February 22, 2018 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

හොලිවුඩ් පුරයේ දැවැන්ත සිනමා සම්මාන උළෙල වන OSCAR හෙවත් ඇකඩමි සම්මාන උළෙල එළඹෙන මාර්තු 04 වැනිදා පැවැත්වීමට සුදානම්. මෙවර සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සුදානම් වගේම හොලිවුඩ් පුරයේ සැණකෙළි සිරියක් නිර්මාණය වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. සම්මාන සඳහා නිර්දේශිත නාමයන් හඳුන්වා දීමෙන් අනතුරුව ලෝකය පුරාම සිනමා රසිකයින්ගේ අවධානය යොමු වුනේ නිර්දේශිත නාමයන් වෙතටයි. සම්මාන 13ක් සඳහා නිර්දේශ නම් අතරට එක්වීමට The Shape of Water චිත්‍රපටය සමත් වෙද්දී තවත් චිත්‍රපට කිහිපයක් සම්මාන 06, 05, 04 වැනි සංඛ්‍යාවන් සඳහා නිර්දේශ වී තිබුනා. මේ අතුරින් සම්මාන තුනක් සඳහා නිර්දේශ වීමට Get Out චිත්‍රපටය සමත්ව අති බව පැවසෙනවා.

Jordan Peele විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඇමරිකානු Horror movie කාණ්ඩයට අයත් වන්නක්. 2017 වසරේ මුල් භාගයේදී නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය Sundance Film Festivalහිදී මංගල දර්ශනය පැවැත්වුනා. විනාඩි 103ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය සඳහා වැයකළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක්. Daniel Kaluuya, Allison Williams, Bradley Williams, Caleb Landry Jones, ඇතුළු නළු නිළියන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.

මෙවර 90 වනි OSCAR සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස නිර්දේශිත නාමයන් අතරට එක්වීමට Daniel Kaluuya සමත්ව තිබෙන්නේ මේ චිත්‍රපටයේ ඉදිරිපත් කළ රංගනය හේතුවෙනුයි. එමෙන්ම සම්මාන උළෙලේ නිර්දේශිත හොඳම චිත්‍රපට අතරට එක්විමටත් Get Out චිත්‍රපටය සමත්ව තිබෙනවා. එසේම හොඳම ස්වතන්ත්‍ර තිර රචනය සඳහා Jordan Peeleගේ නම නිර්දේශවී තිබෙනවා. ඒ අනුව OSCAR සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් සඳහා නිර්දේශ වීමට Get Out චිත්‍රපටයට හැකිව තිබෙනවා.

 

Share

70 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.