OSCAR සම්මාන හයක් සඳහා Pantom Thread චිත්‍රපටය නිර්දේශ වෙයි

Avatar Nisanka Weheraduwa | February 20, 2018 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

OSCAR හෙවත් Academy සම්මාන උළෙල හොලිවුඩ් පුරයේ පැවැත්වෙන අති දැවැන්ත සිනමා සම්මාන උළෙලක්. මෙවර එනම් 2018 වසරේ සම්මාන උළෙල පැවැත්වෙන්නේ 90 වනි වරටයි. පසුගියදා සම්මාන සඳහා නිර්දේශිත නාමයන් කවරේදැයි නිකුත් කෙරුනේ ප්‍රාසාංගික ආකාරයකින්. මාර්තු 04 වැනිදා ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන හෙයින් ඊට පෙර සිටම හොලිවුඩ් පුරය සැණකෙලියක සිරි ගන්නා බවත් සඳහන්. සම්මාන උළෙල සජීවී ලෙස විකාශනය කිරීමටත් සියලු කටයුතු සුදානම්.

නිර්දේශිත නාමයන් නිකුත් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනේ ප්‍රධානය ධාරාවේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත්තේ කවුරුන්ද යන්න ගැනයි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම ප්‍රධාන නළුවා සහ හොඳම ප්‍රධාන නිළිය යන අංශ සඳහා වැඩි අවධානයක් යොමු වීම සාමාන්‍යයි. මෙවර සම්මාන උළෙලේ සම්මාන හයක් සඳහා නිර්දේශ වීමට Pantom Thread චිත්‍රපටය සමත්ව තිබෙනවා. Paul Thomas Anderson විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට තිර රචනය සිදුකොට ඇත්තෙත් ඔහු විසින්මයි. Daniel Day-Lewis මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරනවා. 1950 දශකයේ ලන්ඩන් නුවර ජිවත් වූ ඉහළ පැලැන්තියේ පුද්ගලයින් සඳහා ඇඳුම් නිර්මාණය කරන නිර්මාණ ශිල්පියෙක් වටා මෙහි චිත්‍රපටය ගොඩනැගී තිබෙනවා. විනාඩි 130 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක් වැයකොට තිබෙනවා.

මෙවර 90 වැනි OSCAR සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන හයක් සඳහා නිර්දේශ වීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා. හොඳම චිත්‍රපටය ලෙස මේ චිත්‍රපටය නිර්දශ නාමයන් අතරට එක්ව තිබෙනවා. Daniel Day Lewis හොඳම නළුවා සඳහා වන නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබෙනවා. හොඳම සහය නිළිය ලෙස මෙවර නිර්දේශිත නාමයන් අතරට එක්වීමට Lesley Manvilleට හැකියාව ලැබී තිබෙනවා. හොඳම අධ්‍යක්ෂණය සඳහා වන න ඉර්දේෂිත නාමයන් අතරට Paul Thomas Anderson නිර්දේශ වී තිබෙනවා. හොඳම ස්වතන්ත්‍ර ගීත නිර්මාණය ලෙස නිර්දේශ වීමට Jonny Greenwoodට හැකියාව ලැබී තිබෙනවා. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන නිර්දේශිත නාමයන් අතරට Mark Bridges  සමත්ව තිබෙන්නේත් Pantom Thread චිත්‍රපටය සඳහා කළ ඇඳුම් නිර්මාණය වෙනුවෙනුයි.

90 වනි OSCAR සිනමා සම්මාන උළෙලේ මේ සම්මානයන්ට උරුමකම් කියන්නේ කවුරුන්දැයි දන ගැනීමට ලෝක සිනමා රසිකයින් මහත් උනන්දුවකින් පසු වනවා.

Share

88 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.