රාජේශ් ඛන්නා මිය යයි

Avatar Cinema.lk A | July 18, 2012 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

70 දශකයේ ‍ සුපිරි බොලිවුඩ් තාරකාවක් වූ රාජේශ් ඛන්නා ජුලි 18 වන දින මුම්බාහි පිහිටි ඹහුගේ නිවසේ දි අභාවප්‍රාප්ත විය.මිය යන විට එතුමා 69 වියේ පසු විය.

සිනමා ක්ෂේත්‍රයේදී ‘කකා’ ලෙසින් ආදරයට පාත්‍ර වූ රාජේශ් චිත්‍රපට 163 ක රඟපා ඇත. හොඳම නළුවා ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන 3 ක් දිනාගෙන තිබේ. 1966 දී ‘ආක්රී ඛාත්’ සිනමාපටයෙන් ඔහු රංගනයට අත්පොත් තැබුවේය. හැටේ දශකයේ අවසාන භාගයේත්, හැත්තෑව දශකයේත් සිනමාවේ රජු වූයේ ඔහුයි. එරට සිනමාවේ පළමු සුපිරි තරුව ලෙස නම් දරන්නෙත් රාජේශ්මය.අවසන් කාලයේ රාජේශ් අසලින් හිටපු නිළි බිරිය ඩිම්පල් කපාඩියා ද දූ වරු දෙදෙනා වන ට්වින්කල් ඛන්නා ද රින්කි ද සිට ඇත.

Share

77 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.