රොනී, ඔබ නිසා හිනැහුනු මුව’ග කඳුළු දුටුවාද?

Avatar Nisanka Weheraduwa | October 1, 2018 181 Views 0 Likes 0 Ratings

181 Views 0 Ratings Rate it

ලංකාවේ සිනමාවේ ජනප්‍රිය හාස්‍යෝත්පාදක නළුවන් අතරින් එක්කෙනෙක් රොනී ලීච්. බොහෝ දෙනෙක් දන්නා හඳුනන නම “තට්ටයා”. ගායකයෙක් ලෙසින් කලාවට එන රොනී විකට නළුවෙක් ලෙසින් රසික ආදරයට ලක්වුනා. මෙරට රසිකයින් වෙත සිනහව ගෙනා රොනී, ජිවිතයෙන් සමුගෙන ගිය පුවත අද (ඔක්තෝබර් 01 වැනිදා) අසුනේ ඕස්ට්‍රේලියාවෙන්.

ඕස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුරදී ඇතිවුණු හදිසි හෘදයාභාදයක් හේතුවෙන් රොනී, මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රසංගය අවසන් කොට නැවත ලංකාවට පැමිණීමට සුදානමින් සිටියදී මේ අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණදුන් බවයි පැවසෙන්නේ. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඔහු මෙලෙස ජිවිතයෙන් සමුගෙන තිබෙනවා.

දශක හතරකට ආසන්න කාලයක් ගායකයෙක් සහ විකට නළුවෙක් ලෙසින් මෙරට රසික හදවත් දිනාගත් රොනී, මෙලෙස හදිසියේ වෙන්ව යාම පිලිබඳ ඔහුගේ රසිකයින් මහත් කනස්සල්ලෙන් යුතුව සමාජ ජාල වෙත යොමුකළ සටහන් අද උදෑසන සිටම දකින්න ලැබුනා. රොනීගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. දේහය හැකි ඉක්මනින් මෙරට ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බවත් පැවසෙනවා. මියයන විට රොනී, 65 වැනි වියේ පසුවූවා.

Share

181 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.