CSR මාසික විද්වත් සිනමා සංවාදය අද
මරදාන සාමය හා සාමයික කේන්ද්‍රය (CSR) විසින් මාසිකව විද්වත් සංවාද මණ්ඩපයක් පවත්වනවා. සිනමාකෘති, වේදිකා නාට්‍ය, පොත් ඇතුළු නොයෙක් කලා මාධ්‍යන් පිළිබඳව විද්වත් සංවාද මණ්ඩපයක් ඇතිකිරීම මෙම වැඩසටහනේ අරමුණ බව සඳහන්. සැප්තැම්බර් මාසය සඳහා වන මෙම සංවාද මණ්ඩපය අද (සැප්තැම්බර් 29) මරදාන CSR ආයතනයේදී පැවැත්වෙනවා.
අද දවසේ වැඩසටහනේදී සංවාදයට ලක්කෙරෙන්නේ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” (Burning Birds) චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය පිලිබඳ සංවාදය සඳහා එක්වන විද්වත් මණ්ඩලය නියෝජනය කරන්නේ සිනමා විචාරකයින් තිදෙනෙක්. භූපති නලින් වික්‍රමගේ, සුමිත් චාමින්ද සහ අජිත් ගලප්පත්ති මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස එක්වීමට නියමිතයි.
cinema.lk මෙම වැඩසටහනේ ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස සංවාදය වීඩියෝ මාධයෙන් cinema LK, You Tube නාලිකාව හරහා ගෙනඒමට කටයුතු කොට තිබෙනවා. වැඩසටහන මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින් සිදුකිරීමට නියමිතයි.
එන්න.. අපි අලුතින් සිතන්නට අලුත් වේදිකාවක් තනමු. මේ ඔවුන්ගේ අරමුණයි. විද්වත් සංවාද මණ්ඩපයට එක්වීමට සිනමාලෝලි සැමට ඇරියුම්.
Written by Nisanka Weheraduwa

