ලංකා බණ්ඩාරනායක , ජාත්‍යන්තර ජූරියකට

Avatar Nisanka Weheraduwa | July 18, 2018 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

දේශීයව සිනමා ක්ෂේත්‍රයෙන් විවිධ ආකාරයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් වර්තමානයේ ශ්‍රී ලංකික නිර්මාණකරුවන් විසින් හිමිකර ගනිමින් සිටිනවා. ඒ සඳහා උදාහරණ බොහොමයි. විශේෂයෙන් නූතන ඩිජිටල් තාක්ෂණික පෙරළියත් සමග මේ තත්වයේ වැඩිවීමක් දක්නට තිබෙනවා. ලාංකික නිර්මාණ ශිල්පින් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල වලදී සම්මානලාභින් බවට පත්වීම වසරක් පාසා වැඩිවෙමින් තිබෙනවා. දේශීය සිනමා අධ්‍යක්ෂවරියක් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක පළමු අධියරේ ජූරි සභිකාවක් ලෙස තෝරා ගත බව පසුගියදා වාර්තා වුනා.

Sound and Image Challenge International Festival 2018 සම්මාන උළෙල මෙවර පැවත්වෙන්නේ 9 වැනි වතාවට. ලොව පුරා විසිරී සිටින කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් සහ Music videos නිර්මාණකරුවන් මෙන්ම Graphic designer ශිල්පීන් වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී සම්මාන ප්‍රධානය කිරීමට අපේක්ෂා කෙරෙනවා. 2018 දෙසැම්බර් 4 සිට 9 දක්වා කාලය තුළ Dom pedro V theater හෙවත් Macao theaterහිදී මෙම සිනමා උළෙල පැවැත්වෙනු ඇති. සිනමා සම්මාන උළෙලේ ජුරිය අදියර දෙකකින් සමන්විත බව සිනමා උළෙලේ වෙබ් අඩවිය සඳහන් කරනවා. ශ්‍රී ලාංකීය සම්මානනීය කෙටි චිත්‍රපට නිර්මාණවේදිනියක් සහ රංගන ශිල්පිනියක් වන ලංකා බණ්ඩාරනායක මෙම සම්මාන උළෙලේ පළමු අදියරේ ජුරිය සඳහා තෝරාගෙන තිබෙනවා.

ලංකා බණ්ඩාරනායක 1998 සිට රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නියක්. රංගනයෙන් වගේම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙසත් ජාතික මට්ටමේ සම්මාන රැසකට හිමිකම් කීමට ලංකා සමත් වුනා. ඉන් පසුව ලංකා නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසුනා. වේදිකා නාට්‍ය නිර්මාණ ශිල්පිනියක් ලෙසත් ඇය අත්දැකීම් සහිත ශිල්පිනියක් මෙන්ම සම්මානනීය ශිල්පිනියක්ද වනවා. 2016 වසරේ ලංකා සිය පළමු කෙටි චිත්‍රපටය නිර්මාණය කරනවා. Tradition ලෙසින් නම් යොදා ඇති මෙම කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ගැනීමට සමත් වුනා. ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත නිර්මාණකාරිනියක් ලෙස ඇය මෙලෙස ජුරි සාමාජිකාවක ලෙස තෝරාගෙන ඇති බව එම වෙබ් අඩවිය නිවේදනය කර තිබෙනවා. උළෙලේ පළමු අදියරේ ජූරියට විවිධ රටවලින් තෝරාගත් ශිල්පින් 13 දෙනෙක් ඇතුළත්. මෙවර Sound and Image Challenge International Festival 2018  සම්මාන උළෙලේ ජුරි සාමාජිකාවක ලෙස තේරී පත්වුනු ලංකා බණ්ඩාරනායක ශිල්පිනියට cinema.lk අපේ සුබ පැතුම්..!!

 

Share

59 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.