“විෂම භාග” වැඩිම ජාත්‍යන්තර සම්මාන සඳහා වූ වාර්තාව අලුත්කරයි.
වැඩිම ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයක් ලැබූ ලාංකීය චිත්‍රපටය වශයෙන් වාර්තා අතරට එක්ව තිබූ “විෂම භාග” චිත්‍රපටය එම වාර්තාව අලුත් කිරීමට සමත්වී තිබෙනවා. ඒ, එම චිත්‍රපටයට ලැබුණු 50 වැනි සහ 51 වැනි ජාත්‍යන්තර සම්මාන ද්විත්වය සමගිනුයි. නොවැම්බර් 01 වැනිදා එංගලන්තයේදී නිමාවුන සිව්වැනි Out of the can international film festival සිනමා උළෙලේදී මෙම සම්මාන ද්විත්වය දිනාගැනීමට විෂම භාග (The Other Half) චිත්‍රපටය සමත්වී තිබෙනවා.
අලුදෙණියේ සුබෝධි හිමියන් මෙම සිනමා උළෙල්දී හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. එසේම එම සිනමා උළෙලේ හොඳම ඉංග්‍රීසි භාෂිත නොවන චිත්‍රපටය (Runner up – Best non English speaking film) සඳහා වන සම්මාන කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට විෂම භාග චිත්‍රපටයට හැකියාව ලැබුනා. අයදුම්පත් 5253ක් අතුරින් මූලික වටයේ චිත්‍රපට 491ක් තරග කළ මේ සිනමා උළෙලේ අවසන් වටයට චිත්‍රපට 115ක් තෝරාගෙන තිබුනා. අවසාන සම්මාන ප්‍රධානයේදී ඉන් චිත්‍රපට 26ක් උළෙලේ ප්‍රධාන සම්මානයන්ට හිමිකම් කීමට සමත් වුනා.
විෂම භාග චිත්‍රපටය මේ වනවිට නියෝජනය කොට ඇති සම්මාන උළෙල ප්‍රමාණය 17ක්. ඒ උළෙල වලදී සම්මාන 51ක් දිනාගැනීමට චිත්‍රපටය සමත්ව තිබෙනවා. ඉන් සම්මාන 19 ක් සිනමා නිර්මාණය නැතහොත් සිනමා නිෂ්පාදනය වෙනුවෙන් හිමිව තිබෙනවා. එයට අමතරව අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන 06 ක්, රංගනය වෙනුවෙන් සම්මාන 15 ක්, සිනමා කැමරාකරණය සඳහා සම්මාන 04 ක්, සංගීත නිර්මාණය හා ශබ්ද පරිපාලනය උදෙසා සම්මාන 02ක් දිනාගැනීමට මේ කණ්ඩායම සමත් වුනා., තිර රචනය, සංස්කරණය හා කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන 01 බැගින්ද “විෂම භාග” චිත්‍රපටය ජයග්‍රහණය කොට තිබෙනවා.
තොරතුරු මුලාශ්‍ර : උදිත ලක්මාල් කහඳවආරච්චි ගෙනි.

Written by Nisanka Weheraduwa
