ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට

Avatar Nisanka Weheraduwa | December 29, 2019 479 Views 0 Likes 0 Ratings

479 Views 0 Ratings Rate it

වේදිකාවේ සහ සිනමාවේ ප්‍රතිභාපූර්ණ නළුවකු ලෙස කාලයක් තිස්සේ සිය රංගන කෞශල්‍ය පෙන්වූ සම්මානනීය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට තෝරාගෙන තිබෙනවා. ඒ, ප්‍රවීණ ඉන්දීය සිනමාකරුවකු වන මනිරත්නම්ගේ අලුත්ම චිත්‍රපටයට.

තායිලන්තයේදී රූගත කෙරෙන මේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කොට ඇති බව සඳහන්. රූගත කිරීම් සඳහා තමන් තායිලන්තය බලා පිටත්වන බව ශ්‍යාම් සිය Facebook ගිණුමේ සටහන් කොට තිබුනා. මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය වන මෙය “පොන්නියින් සෙල්වන්” ලෙස නම්කොට තිබෙනවා. මේ නව සිනමා අත්දැකීම වෙනුවෙන් රංගවේදී ශ්‍යාම් ප්‍රනාන්දුට cinema.lk වෙතින් සුබ පැතුම් එක්කරනවා.

Share

479 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.