ශ්‍රීදේවිගේ රුවට සැකසූ ඉටි පිළිමයක් සිංගප්පූරුවේ විවෘත කෙරේ

Avatar Nisanka Weheraduwa | September 5, 2019 488 Views 0 Likes 0 Ratings

488 Views 0 Ratings Rate it

ජනප්‍රිය ඉන්දීය නිළි ශ්‍රීදේවි හදිසි අනතුරක් හේතුවෙන් මියගිය පුවත ඉන්දියාව පමණක් නොවෙයි සමස්ථ ඉන්දීය සිනමා රසික ප්‍රජාවම කම්පාවට පත් කළ පුවතක් වුනා. කෙසේ වෙතත් ඇය සිහිපත් කිරීම වෙනුවෙන් සිංගප්පූරුවේ ඉදිකළ පිළිරුවක් ගැන තොරතුරුයි මේ.

සිංගප්පූරුවේ Madame Tussauds කෞතුකාගාරයේ මේ ප්‍රතිමාව ස්ථාපිත කොට තිබෙනවා. මෙය ශ්‍රීදේවිගේ ජීවමාන රූපයට සම්පුර්ණයෙන් සමාන වන අයුරින් ඉටි වලින් නිර්මාණය කළ පිළිරුවක්. මෙය විවෘත කිරීම සඳහා ඇගේ දියණියන් දෙදෙනා වන ජාන්වී සහ කෞශි කපූර් යන දෙදෙනා සමග සැමියා බොනී කපූර්ද සමබන්ධ වී තිබෙනවා. ඔවුන් සමග මේ අවස්ථාවට සහභාගී වුනු සන්ජේ කපූර් මේ පිළිරුවේ පළමු සේයාරූ අන්තර්ජාලයට එක්කොට තිබුනා. මේ ප්‍රතිමාව සමග විශේෂ සමරු සටහන් තැබිය හැකි බිත්තියක්ද නිර්මාණය කිරීමට කෞතුකාගාර බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Share

488 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.