ජයශ්‍රී ඇමතිතුමා – සැප්තැම්බර් 11 වැනිදා සිට දිවයින පුරා

Avatar Nisanka Weheraduwa | September 4, 2019 224 Views 0 Likes 0 Ratings

224 Views 0 Ratings Rate it

මගෝඩි ගොඩයි, කිව්වද නහී නොකිව්වද නහී, මගේ යාළු මාළු, ඇඩ්‍රස් නෑ චිත්‍රපට රැසක් සිනමාවට දායාද කළ ජනිත මාරසිංහගේ නවතම සිනමා නිෂ්පාදනය ජයශ්‍රි ඇමතිතුමා සැප්තැම්බර් 11 වෙනිදා සිට තිරගත වේ.

ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, දමිතා අබේරත්න, කුසුම් රේණු, ගයත්‍රි ඩයස්, ලක්‍ෂ්මන් අමරසේකර, අරියසේන ගමගේ, ජිවන් හදුන්නෙත්ති, ශිරෝමිකා ප්‍රනාන්දු, චිරන්ත රන්වල, ප්‍රසාද් ගලප්පත්ති, කීර්ති රංජිත්, ඇතුළු නළු නිළි රැසක් රංගනයෙන් දායක වන ජයශ්‍රී ඇමතිතුමා තිර රචනය සහ අධ්‍යක්‍ෂණය නිශාන්ත වීරසිංහගෙනි

ජනප්‍රිය ගීත රචක චන්ද්‍රදාස ප්‍රනාන් දුගේ ගීත රචනය සදහා තනු නිර්මානය කර ගායනා කිරිම ජීප්සීස් නායක සුනිල් පෙරේරා විසින් කර තිබීම චිත්‍රපටයට සුවිශේෂි වේ.

ප්‍රවීණ කැමරා ශිල්පි අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි සහ රවින්ද්‍ර රෝහන රූප රචනය කර ඇති ජයශ්‍රී ඇමතිතුමා ජනිත ෆිල්ම්ස් ඉදිරිපත් කිරිමකී.

Share

224 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.