ශාරුක්ගේ ඊළඟ පිම්ම කුමක් වෙයි ද?

Avatar Nisanka Weheraduwa | November 23, 2021 149 Views 0 Likes 0 Ratings

149 Views 0 Ratings Rate it

වසර ගණනක නිහැඬියාවකින් පස්සේ Shah Rukh Khan නැවතත් තමන්ගේ සුපුරුදු වෘත්තියට එකතු වෙලා. පහුගිය මාස කිහිපයේම ඔහුගේ Pathan සහ Jawaan චිත්‍රපටවල රූපගත කිරීම් පැවතුනා. මේ නිර්මාණ ද්විත්වයට පසුව, ඔහු සම්බන්ධ වන ඊළඟ නිර්මාණය කුමක් වනු ඇත්දැයි බොහෝ දෙනා විවිධ මත පළ කළා. ඉන් බහුතරයකගේ අදහස වුනේ අධ්‍යක්ෂක Rajkumar Hiraniගේ නවතම නිර්මාණයට ඔහු සම්බන්ධ වීමට ඉඩ ඇතැයි යන අදහස වුනත් එය සනාථ කරන්නට කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. එනිසා ඇතමුන් මේ ගැන බොහොම දෙගඩියාවෙන් පසු වූවා. නමුත් දැන්, මේ ශාරුක්-හිරානි සුසංයෝගය ගැන තහවුරු කරගත හැකි සාක්ෂියක් ලැබී තිබෙනවා. ඒ Kanika Dhilon විසින් පසුගියදා නිකුත් කරපු twitter පණිවුඩයයි. Kanika Dhilon කියන්නේ ලේඛිකාවක් වගේම චිත්‍රපට පිටපත් රචිකාවියක්. Guilty, Raksha Bandhan, Kedarnath, වැනි ජනප්‍රිය හින්දි චිත්‍රපට රාශියකම තිර පිටපත් රචනයට ඇය සම්බන්ධ වුනා. ශාරුක් ඛාන්ගේ සිනමා ජීවිතයේ trendmaker නිර්මාණයක් වුණු Ra.One හි තිරපිටපත රචනා කළෙත් ඇය විසිනුයි.

“Yes! Super excited for my next film! Cos am working with all the people I love and adore! This one is super special! @RajkumarHirani @iamsrk #abhijaatjoshi “

“ඔව්! මගේ ඊළඟ චිත්‍රපටය ගැන බොහොම උනන්දුවෙනුයි පසුවෙන්නේ. මොකද මට වැඩ කරන්න ලැබිලා තියන්නේ මන් බොහෙවින් ආදරය කරන පුද්ගලයන් එක්කමයි. @RajkumarHirani @iamsrk “

Kanika Dhilon තමන්ගේ ට්විටර් පණිවුඩයේ එසේ සඳහන් කර තිබුනා. චිත්‍රපටයේ ස්ථිර නමක් මාධ්‍යයට තවමත් අනාවරණය වී නොතිබුනත්, පුවත් පිට පුවත් මවන්නට දැනටමත් මෙය සමත් වී තිබෙනවා. Shah Rukhගේ දැනට රූගතකිරීම් සිදුවන නිර්මාණවල වැඩකටයුතු අවසන් වූ වහාම මෙහි දර්ශනතල සඳහා එකතු වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. පොදු සමාජයීය ගැටලුවක් මුල් වූ කතාවක් වටා චිත්‍රපටය ගෙතේවි යන ආරංචිය මිස storyline එක ගැන වෙනත් කිසිවක් දැනගන්නට ලැබී නැහැ.  Entreating-comedy කාණ්ඩයට අයත් light hearted කතාවක් බවට ඉඟි ලැබෙන මේ සිනමාපටය ඔක්තෝබර් අග භාගයේ සිට රූපගත කිරීම් ඇරඹීමට ඉඩ තිබෙන බවටත් ඇතැමුන් පවසනවා. ශාරුක්ගේ අවසාන සිනමාපට කිහිපයම ආදායම් අතින් අසාර්ථක වූ නිසා, අද වනවිට ඔහු තමන්ට ලැබෙන පිටපත් බොහොම අවධානයකින් තෝරා ගන්නා බවකුයි පෙනෙන්නට තියන්නේ. මොකද ශාරුක්ගේ upcoming projects ලැයිස්තුවම කලින්ට වඩා romantic සීමාවෙන් මිදිලා වෙනස් වෙනස් ශානරයන් ඔස්සේ දිවෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

Rajkumar Hiraniව රසිකයින් අතරේ ප්‍රසිද්ධ වෙලා තියන්නේ “චිත්‍රපට තොග පිටින්” කරන නිර්මාණකරුවෙකු විදිහට නෙමෙයි. කාලයක් තිස්සේ හොඳින් තමන්ගේ කතාව ගොඩ නඟාගෙන වසර කිහිපයකට සැරයක් මතක හිටින ජාතියේ වැඩක් කරන සිනමාවේදියෙකු විදිහට. 2000 වසරේදී ක්ෂේත්‍රයට එකතු වන Rajkumar Hirani තවම නිර්මාණය කර තිබෙන්නේ චිත්‍රපට 05ක් පමණයි. නමුත් ඒ හැම නිර්මාණයක්ම බොහොම සාර්ථකව ප්‍රේක්ෂකයින් වැළඳගත් අතිශය සාර්ථක නිර්මාණ. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ PK, Sanju, 3 Idiots වැනි සිනමාපට තවමත් ප්‍රේක්ෂකයින් අතරේ ඉහළම ජනප්‍රියත්වයක රැඳිලා තිබෙනවා. Rajkumar Hirani සහ Shah Rukh Khan චිත්‍රපටයක් වෙනුවෙන් පළමු වරට එකතු වන්නේත් මේ නිර්මාණය හරහායි.

ශාරුක්-හිරානි සුසංයෝගයෙන් නිපදවෙන මෙම චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත තවමත් නිවේදනය කර නොතිබුණත්, කාලයක පටන්ම Taapsee Pannuගේ නම ඊට ඈඳී තිබෙනවා. බොලිවුඩයේ ප්‍රධානම මාධ්‍ය ආයතන පවා මේ පුවත වාර්තා කළත්, තාප්සීගේ පාර්ශවයෙන් ඊට සුබදායි ප්‍රතිචාරයක් නම් ලැබී නැහැ. Shah Rukh සහ දමිළ අධ්‍යක්ෂක Atlee Kumar එකතුවෙන් නිර්මාණය වන Jawaan චිත්‍රපටය ගැන පවා මුලදී කිසිවෙකු විශ්වාස කළේ නැහැ. නමුත් අද වනවිට එය සත්‍යයක් වී හමාරයි. Jawaan වාගේම මේ නිර්මාණයත් බොහෝ දෙනෙකුගේ හිතේ කුකුසක් මතු කරපු ප්‍රවෘත්තියක් වුනා. ඉතින් දැන්., ශාරුක් සහ හිරානිගේ සුසංයෝගයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටයත් සත්‍යයක් බවට තහවුරු වී හමාරයි.

Shah Rukh Khan shooting for Yash Chopra’s untitled directorial film

Share

149 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.